රැකියා සදහා ශ්‍රමිකයින් බදවා ගන්නා රටවල තානාපති කාර්යාලවලට එම රටවල රැකියා බඳවා ගැනීම් ආයතන මගින් ඉදිරිපත් කරන රැකියා ඇණවුම් අනුමත කිරීමට ගතවන සති 2-3 අතර කාලය පැය 2 දක්වා අඩුකිරීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණරාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් උපදෙස් දෙයි. රටවල් 16කවිදේශ තානාපති කාර්යාලකම්කරු සුභසාධන අංශ මගින් රැකියා ඇණවුම් අනුමත කිරීමේදී සති 2-3 ක කාලයක් ගතවීම හේතුවෙන්, එම රටවලසඳහා රැකියා බදවාගැනීම් සිදුකරන ආයතන, තම රැකියා ඇණවුම් ඉන්දියාව, බංගලාදේශය වැනි රටවලට යොමු කරන බවද රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කලේය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ 2022 සිට ක්‍රියාත්මක කරන විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා වන තුන් අවුරුදු සැලැස්මක් සැකසීමට අදාළව බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල අදහස් හා යෝජනා ලබා ගැනීම සදහා පැවති වැඩසටහනකට ඊයේ (02) එක් වෙමිනි. එම වැඩසටහන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. තමන් පසුගියදා කටාර් රාජ්‍යයේ කළ නිල සංචාරයේදී රැකියා ඇණවුම් අනුමත කිරීමේ ප්‍රමාදය සම්බන්ධව කරුණු රැසක් අනාවරණය වූ බවත්, ඒ අනුව ප්‍රමාදයකින් තොරව පැය 2ක් වැනි කෙටි කාලයකදී රැකියා ඇණවුම් අනුමත කිරීමට කටයුතු කිරිමට අදාල අංශවලට උපදෙස් ලබාදුන් බව සඳහන් කළේය. සෙසු තානාපති කාර්යාල 16 තුළද මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කාර්යාංශයට උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගිය වසරේදී විගමණික ශ්‍රමිකයින් 50,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගත කළ අතර, 2021 වසරට පැවති ලක්ෂයක ඉලක්කය වසර අවසානය වන විට එය 110,000 දක්වා වැඩි කිරීමට හැකිවන බවත්, ජනාධිපතිතුමා විසින් ලබන වර්ෂය සඳහා ඩොලර් බිලියන 10ක විදේශ ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රි ලංකාවට ලබාගැනීමටඉලක්කයන් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන වල සහයෝගයෙන් සකස්කරන තුන්අවුරුදු සැලැස්ම තුලින් ලගාකර ගැනීමට කටයුතු කරන බව පැවසීය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…