කිලෝමීටර් 19,360ක ගෙවා තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවට ආපසු පැමිණි “මැණිකේ” නම් මුහුදු ලිහිණියකු ගැන තොරතුරු අනාවරණය වී තිබේ. අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද (satellite-tagged) හියුග්ලින් ගලුවියකු (Heuglin’s Gull) පූර්ණ සංක්‍රමණ චක්‍රයකින් පසු ශ්‍රී ලංකාවට නැවත ලඟා වීමත් සමගම, ශ්‍රී ලංකාවේ පක්ෂි සංක්‍රමණ අධ්‍යයනය ප්‍රධාන සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය පවසයි ඔවුන් තොරතුරු අනාවරණය කර තිබෙන පරිදි ශ්‍රී ලංකාවේ මන්නාරම සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මෙම පක්ෂියාගේ උතුරු සංක්‍රමණික මාර්ගය හා නැවත ශ්‍රී ලංකාවට පැමිණි දකුණු සංක්‍රමණික මාර්ගය එක්ව ගත් කල කිලෝමීටර් 19,360 ක් ගමන් කර ඇති බව වාර්තා වෙයි.
හියුග්ලින් ගලුවියන්ට අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවිකිරීම (sattelite-tagging), 2021 අප්‍රේල් මාසයේදී මන්නාරම දූපතේ තලෙයිමන්නාරමේදී සිදු කර ඇත. ‘මැණිකේ’මුදා හැරීමෙන් පසු පුරා දින 20 ක් මන්නාරම් දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිට, අප්‍රේල් මස අග භාගයේ මන්නාරමෙන් පිටත් වී තිබේ. උතුරු රුසියාව බලා ගමන් ඇරඹු මැණිකේ පසුව යමල් අර්ධද්වීපයට ළඟා වී තිබේ. යමල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර, ඇය යූරල් කඳු තරණය කර යුරෝපියානු රුසියාවට ඇතුළු වු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය වැඩි දුරටත් සදහන් කරයි.
ජුනි සිට අගෝස්තු දක්වා දිවෙන ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවෙහිදී අභිජනනයෙහි නිරත වූ මැණිකේ, අගෝස්තු අගභාගයේදී ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කර ඇත. උත්තරධ්‍රැවයේ තම ග්‍රීෂ්ම නිවහනෙන් පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 06 කට සහ දින 09 කට පසු පසුගිය නොවැම්බර් 04 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට නැවත ළඟා වී ඇත. මැණිකේ තවත් සුවිශේෂී වනුයේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපියානු ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය සපයන බැවිනි උතුරු සංක්‍රමණයේ දී ඇය, පුරා දින 35 (සති 05) ක් කිලෝමීටර 7880ක දුරක් ගමන් කර ඇත උතුරු සංක්‍රමණය හා සසඳන කල මදක් මන්දගාමී වූ ඇයගේ දකුණු සංක්‍රමණය සඳහා දින 91 (සති 13) ක් ගත වූ අතර, මෙහි දී ඇය විසින් කිලෝමීටර 11,480 ක දුරක් සම්පූර්ණ කර ඇත. ඒ අයුරින්, මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා දිවුණු ඇයගේ සම්පූර්ණ චාරිකාව තුළදී ඇය විසින්, කිලෝමීටර් 19,360ක විස්මයජනක දුරක් ගමන් කර ඇත.
උපුටා ගැනීම : දිනමිණ පුවත්පතෙන්
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…