දේශීය

මැණිකේ ලෝකෙ වටේ..

කිලෝමීටර් 19,360ක ගෙවා තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවට ආපසු  පැමිණි “මැණිකේ‍” නම් මුහුදු ලිහිණියකු ගැන තොරතුරු අනාවරණය වී තිබේ.  අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද (satellite-tagged) හියුග්ලින් ගලුවියකු (Heuglin’s Gull) පූර්ණ සංක්‍රමණ චක්‍රයකින් පසු ශ්‍රී ලංකාවට නැවත ලඟා වීමත් සමගම, ශ්‍රී ලංකාවේ පක්ෂි සංක්‍රමණ අධ්‍යයනය ප්‍රධාන සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය පවසයි ඔවුන් තොරතුරු අනාවරණය කර තිබෙන පරිදි ශ්‍රී ලංකාවේ මන්නාරම සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මෙම පක්ෂියාගේ උතුරු සංක්‍රමණික මාර්ගය හා නැවත ශ්‍රී ලංකාවට පැමිණි දකුණු සංක්‍රමණික මාර්ගය එක්ව ගත් කල කිලෝමීටර් 19,360 ක් ගමන් කර ඇති බව වාර්තා වෙයි. 

හියුග්ලින් ගලුවියන්ට අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවිකිරීම (sattelite-tagging), 2021 අප්‍රේල් මාසයේදී මන්නාරම දූපතේ තලෙයිමන්නාරමේදී සිදු කර ඇත. ‘මැණිකේ’මුදා හැරීමෙන් පසු පුරා දින 20 ක් මන්නාරම් දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිට, අප්‍රේල් මස අග භාගයේ මන්නාරමෙන් පිටත් වී තිබේ. උතුරු රුසියාව බලා ගමන් ඇරඹු මැණිකේ පසුව යමල් අර්ධද්වීපයට ළඟා වී තිබේ. යමල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර, ඇය යූරල් කඳු තරණය කර යුරෝපියානු රුසියාවට ඇතුළු වු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය වැඩි දුරටත් සදහන් කරයි.

ජුනි සිට අගෝස්තු දක්වා දිවෙන ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවෙහිදී අභිජනනයෙහි නිරත වූ මැණිකේ, අගෝස්තු අගභාගයේදී ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කර ඇත. උත්තරධ්‍රැවයේ තම ග්‍රීෂ්ම නිවහනෙන්  පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 06 කට සහ දින 09 කට පසු පසුගිය නොවැම්බර් 04 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට නැවත ළඟා වී ඇත. මැණිකේ තවත් සුවිශේෂී වනුයේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපියානු ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය සපයන බැවිනි උතුරු සංක්‍රමණයේ දී ඇය, පුරා දින 35 (සති 05) ක් කිලෝමීටර 7880ක දුරක් ගමන් කර ඇත  උතුරු සංක්‍රමණය හා සසඳන කල මදක් මන්දගාමී වූ ඇයගේ දකුණු සංක්‍රමණය සඳහා දින 91 (සති 13) ක් ගත වූ අතර, මෙහි දී ඇය විසින් කිලෝමීටර 11,480 ක දුරක් සම්පූර්ණ කර ඇත.  ඒ අයුරින්, මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා දිවුණු ඇයගේ සම්පූර්ණ චාරිකාව තුළදී ඇය විසින්, කිලෝමීටර් 19,360ක විස්මයජනක දුරක් ගමන් කර ඇත. 

උපුටා ගැනීම : දිනමිණ පුවත්පතෙන්

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 hour ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 hour ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago