Thursday, April 30, 2026
Homeදේශීය6 ශ්‍රේණියේ සිට ම නීතිය ඉගැන්වීමට අවධානය...

6 ශ්‍රේණියේ සිට ම නීතිය ඉගැන්වීමට අවධානය…

ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත්කළ තාක්ෂණික කමිටුවේ වාර්තාව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් උපදේශක කාරක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ඉකුත් දා එය රැස් වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී. එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් ‍කළේ දැනට පාසල් විෂය මාලාව තුළ 6 වැනි ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයක්ව පවතින පුරවැසි අධ්‍යාපනය විෂය මෙම ප්‍රතිසංස්කරණ වලින් පසුව නීතිය සහ පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමට යෝජනා කෙරෙන බවයි.
මෙම තාක්ෂණික කමිටු වාර්තාවට අනුව නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම මඟින් දරුවන් තුල නීතිය පිළිබඳ දැනිමක් ඇති කිරීම, නීතියට අවනත නොවීමේ විපාක හා දඬුවම් ගැන දැනුම්වත්භාවයක් ඇති කිරීම, නීතියෙන් ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම, නීති සම්පාදනය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ගැන අවබෝධයක් ලබා දීම, ශිෂ්ට සම්පන්න සමාජයක නීතියෙන් තහවුරු කර ඇති යුතුකම් සහ වගකීම් ගැන අවබෝධයක් ලබාදීම ආදී කුසලතා වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. අපේක්ෂිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාලව පූර්ව ළමා වියේ සිට උසස් පෙළ දක්වා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෘත්තීය අධ්‍යපනයට අදාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ උසස් අධ්‍යාපනයට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වශයෙන් කොටස් තුනක් ඔස්සේ සකසන ලද ප්‍රතිපත්ති රාමුවට අදාල අවසාන වාර්තාව 2020 අගෝස්තු මාසයේදී නිකුත් කොට ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. එහි සාමාන්‍ය අධ්‍යපනයට අදාළව ඕනෑම අයෙකුට අදහස් දැක්විය හැකි ඩිජිටල් වේදිකාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 28 වැනිදා ප්‍රකාශයට පත් කළ බවද හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා ලැබුණු අදහස් හා යෝජනා 2400 ක් විමර්ශනය කොටගෙන සකසන ලද වාර්තාවක් ජාතික අධ්‍යාපන කොමිසම වෙත යොමු කොට ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවේ ජාතික විශ්ව විද්‍යාලක් නොමැති හැම දිස්ත්‍රික්කයකටම නගර විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

READ:   ගාල්ල පරදා දඹුල්ල අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්