දේශීය

ප්‍රාණය ගිලිහෙන විටක යළි ජීවිතය දෙන බව කියන විස්මිත ඖෂධය..

ප්‍රාණජීව.. විශේෂයෙන් ම හෙළ වෙදකම පිළිබඳව දැනුවත් අය අතර මෙම ප්‍රාණජීව ශාකය ප්‍රසිද්ධයි. මරණය පෙනි පෙනී සිටින අයෙකුට මෙම ශාක යුෂ බිඳුවක් බීමට දීමෙන් ප්‍රාණය නිරුද්ධවීම වළකා ජීවය ලබාදෙන බව කියන බැවින් එය මේ නමින් හඳුන්වයි. Codariocalyx motorius යන උද්භිද විද්යාත්මක නාමයෙන් හඳුන්වන මෙයට චංචල ලෙසද නම් වෙනවා. දමිළ බසින් තොලුකණ්ණී ලෙසත්, හින්දි බසින් දූධි ලෙසත්, මලයාලම් බසින් රාමනාම පාචා ලෙසත් , සංස්කෘත බසින් නමස්කාරී ලෙසත් හඳුන්වයි. රනිල කුලයට අයත්වන මෙම ශාකය ආලෝක හා ශබ්ධ සංවේදී වේ. ශාකයේ ලපටි උප පත්‍ර ශබ්ධයට අනුව වලයාකාර චලනයන් දක්වයි. මේ නිසා මෙම ශාකයට චංචල, Dancing tree, ආදී නම් ලැබී ඇත. ඖෂධීය ගුණය සැලකීමේදී ශාකයේ සියළුම කොටස් එනම් පංචංගයම ඖෂධ සඳහා භාවිත කරයි. ප්රති ඔක්සිකාරක ගුණයත්, පිළිකා නාශක ගුණයත්, විෂහරණ ගුණයත් පවතී.රූමැටික රෝග. හෘද රෝග, කැස්ස. මැලේරියාව, උණ, අතීසාරය, අක්මා ප්ර දාහය, වකුගඩු රෝග, සමේ රෝගවලට මහගු ඔසුවකි. එසේම හොඳ වාජීකරණ ගුණයක්ද, ස්නායු උත්තේජක ගුණයක්ද, ප්රතිශක්තිය වර්ධන හැකියාවක්ද ඇත. අකලට හිසකෙස් පැසිම නවතයි. රක්තකාශය වළකයි. වෘණරෝපකයි. දියවැඩියාව නසයි. පාචනය නවතයි.
සර්ප දෂ්ඨ වලදී මුල් යුෂ බීමට දීමත්, රූමැටික රෝග වලදී මුල් සාරය මි.ලී.30ක් පමණ බීමට දීමත්, තුවාල වලට පත්ර හා මුල් අඹරා ගෑමත්, දියවැඩියාව සඳහා මුල් ග්රෑම් 50ක් ජලය මිලි ලීටර් 500ක දමා තම්බා මි.ලී 40 බැගින් දිනපතා බීමට දීමත්, සුදුසුය.
ප්රතිඔක්සිකාරක ගුණය, හා පිළිකා නාශක ගුණය ඇතිබැවින් ඉතා වැදගත් ඖෂධයක් වේ. එසේ ම ප්‍රාණජීව තෛලය ද ආයුර්වේද වෙදකමේ පිහිට පතන පිරිස අතර ජනප්‍රිය ඖෂධයක්. පාරම්පරිකව දේශීය වෙදකම පිළිබඳව අත්දැකීම් ඇති ඇතැමුන්, රෝගියෙකු මියගිය විගසම ප්‍රාණජීව තෛලය හිසේ හා උරපත් යට පිට ප්‍රදේශයේ ආලේපනයෙන් යළි ජීවය ලැබෙන බව පවසයි. කෙසේ නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ඖෂධයට ගෞරවයෙන් යුතුව භාවිත නොකරන්නේ නම් ⁣මේ කියවෙන විස්මිත ගුණ හා ප්‍රතිඵල ඒ ආකාරයට ම ලබා ගැනීමට නොහැකි බවයි. එසේ ම ඖෂධය වෙළඳ අරමුණු සඳහා යොදා ගැනීම නුසුදුසු බව ඔවුන් අවධාරණය කරනවා.

උපුටා ගැනීම : සමාජ මාධ්‍්‍ය

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

3 hours ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

6 hours ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

19 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

19 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

1 day ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

1 day ago