දේශීය

අයවැය අමතක කරවීමට තිස්ස ලවා අවලම් කතාවක් කරවා ගත්තාදැයි මට සැකයි. – රෝහිණී විජේරත්න

රෝහිණී විජේරත්න මන්ත්‍රීවරියට අපහාස වන අන්දමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධව සමාජයේ මේ වන විට දැඩි විරෝධයක් ගොඩ නැගෙමින් පවතිනවා. ඒ අතර The life traveler නාළිකාව ඇයව විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තා. සාකච්ඡාව සිදුකළේ මාධ්‍යවේදී ධනංජය නාරම්බැද්දයි.

නීතිය හදන උත්තරීතර තැන පවා මෙවන් දේ සිදුවේ නම්, එළියේ සිදුවන දේ ගැන කියන්නට ඇත්තේ “යකඩ මල්ල ගුල්ලො ගැහුව නම් හාල් මල්ල ගැන කවර කතාද? ” යන වග බව රෝහිණී විජේරත්න මන්ත්‍රීවරිය පවසනවා.

කෙසේ වෙතත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය තමන් වෙනුවෙන් ඒ මොහොතේ පෙනී සිටීම ගැන මහත් සේ සතුටට පත් වන බව ඇය පැවසුවා. එසේම ආණ්ඩු පක්ෂයේ සිටිමින් තම කශේරුකාවේ සෘජු බව එලෙස පෙන්වීම, ගැන කාන්තාවන් වෙනුවෙන් උපහාරය පුද කරන බවද මන්ත්‍රීවරිය සඳහන් කළා. එසේම ඇය පැවසුවේ ඇතැම් මන්ත්‍රීවරියන් හා මන්ත්‍රීවරුන් පසුව පැමිණ තමන්ට කණගාටුව පළ කළ බවයි. එහිදී ඇය ඔවුන්ට අවධාරණය කර ඇත්තේ සභා ගර්භයෙන් පිටත නොව, ඒ මොහොතේ සභාව තුළ දී එම කණගාටුව සහ විරෝධය පළ කළා නම් වඩාත් සුදුසු බවයි. එසේ වූවා නම් එය බලා සිටින ඡන්දදායක කාන්තාව, සතුටු වනු ඇති බව ඇය පෙන්වා දුන්නා. කතානායකවරයා මේ සම්බන්ධයෙන් කළ මැදිහත් වීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරියගේ අදහසයි. , මීට පෙර ද එවන් සිද්ධියක් වූ බව ද අවධාරණය කෙරුණා. තමන්ගේ දරුවන් මේ සම්බන්ධව දැඩි කණගාටුවට පත් වූ බවත් ඇය සිහිපත් කළා. මේ අතර The life traveler මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඇය පැවසුවේ, ගණිකා වෘත්තිය නීතිගත කිරීමට නොව කාන්තාවගේ වෙනත් ව්‍යවසායක ලක්ෂණවලට අවස්ථාව දිය යුතු බවයි. කාන්තාව සතු හැකියාවන් ලඝු කළ යුතු නැති බව ඇය අවධාරණය කරනවා. කෙසේ වෙතත්, රෝහිණී මන්ත්‍රීවරිය පවසන්නේ, තමන්ගේ පක්ෂයේ අයෙකු අතින් එසේ මන්ත්‍රීවරියකට අපහසුතාවක් ඇති වූවා නම්, පළමුව ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන් බවයි.

කෙසේ වෙතත් මෙවර ඉදිරිපත් වූ අයවැය පුස්සක් බව ජනතාවට අමතක කරවීමට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ලවා මෙවන් අවලම් කතාවක් කරවා ගත්තාදැයි තමන් කල්පනා කරන බව මන්ත්‍රීවරිය පැවසුවා.

https://www.youtube.com/watch?v=gVFYdaYYGZs

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago