දේශීය

අයවැය අමතක කරවීමට තිස්ස ලවා අවලම් කතාවක් කරවා ගත්තාදැයි මට සැකයි. – රෝහිණී විජේරත්න

රෝහිණී විජේරත්න මන්ත්‍රීවරියට අපහාස වන අන්දමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධව සමාජයේ මේ වන විට දැඩි විරෝධයක් ගොඩ නැගෙමින් පවතිනවා. ඒ අතර The life traveler නාළිකාව ඇයව විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තා. සාකච්ඡාව සිදුකළේ මාධ්‍යවේදී ධනංජය නාරම්බැද්දයි.

නීතිය හදන උත්තරීතර තැන පවා මෙවන් දේ සිදුවේ නම්, එළියේ සිදුවන දේ ගැන කියන්නට ඇත්තේ “යකඩ මල්ල ගුල්ලො ගැහුව නම් හාල් මල්ල ගැන කවර කතාද? ” යන වග බව රෝහිණී විජේරත්න මන්ත්‍රීවරිය පවසනවා.

කෙසේ වෙතත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය තමන් වෙනුවෙන් ඒ මොහොතේ පෙනී සිටීම ගැන මහත් සේ සතුටට පත් වන බව ඇය පැවසුවා. එසේම ආණ්ඩු පක්ෂයේ සිටිමින් තම කශේරුකාවේ සෘජු බව එලෙස පෙන්වීම, ගැන කාන්තාවන් වෙනුවෙන් උපහාරය පුද කරන බවද මන්ත්‍රීවරිය සඳහන් කළා. එසේම ඇය පැවසුවේ ඇතැම් මන්ත්‍රීවරියන් හා මන්ත්‍රීවරුන් පසුව පැමිණ තමන්ට කණගාටුව පළ කළ බවයි. එහිදී ඇය ඔවුන්ට අවධාරණය කර ඇත්තේ සභා ගර්භයෙන් පිටත නොව, ඒ මොහොතේ සභාව තුළ දී එම කණගාටුව සහ විරෝධය පළ කළා නම් වඩාත් සුදුසු බවයි. එසේ වූවා නම් එය බලා සිටින ඡන්දදායක කාන්තාව, සතුටු වනු ඇති බව ඇය පෙන්වා දුන්නා. කතානායකවරයා මේ සම්බන්ධයෙන් කළ මැදිහත් වීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරියගේ අදහසයි. , මීට පෙර ද එවන් සිද්ධියක් වූ බව ද අවධාරණය කෙරුණා. තමන්ගේ දරුවන් මේ සම්බන්ධව දැඩි කණගාටුවට පත් වූ බවත් ඇය සිහිපත් කළා. මේ අතර The life traveler මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඇය පැවසුවේ, ගණිකා වෘත්තිය නීතිගත කිරීමට නොව කාන්තාවගේ වෙනත් ව්‍යවසායක ලක්ෂණවලට අවස්ථාව දිය යුතු බවයි. කාන්තාව සතු හැකියාවන් ලඝු කළ යුතු නැති බව ඇය අවධාරණය කරනවා. කෙසේ වෙතත්, රෝහිණී මන්ත්‍රීවරිය පවසන්නේ, තමන්ගේ පක්ෂයේ අයෙකු අතින් එසේ මන්ත්‍රීවරියකට අපහසුතාවක් ඇති වූවා නම්, පළමුව ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන් බවයි.

කෙසේ වෙතත් මෙවර ඉදිරිපත් වූ අයවැය පුස්සක් බව ජනතාවට අමතක කරවීමට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ලවා මෙවන් අවලම් කතාවක් කරවා ගත්තාදැයි තමන් කල්පනා කරන බව මන්ත්‍රීවරිය පැවසුවා.

https://www.youtube.com/watch?v=gVFYdaYYGZs

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago