පාසල් දරුවන් ඇතුළු පිරිසක් රැගත් පාලම් පාරුවක් පෙරළීමෙන් පෙරේදා (23) උදෑසන වූ අනතුර සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු කින්නියා පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.
පාරුවේ අයිතිකරු හා පාරු පැදිකරු ත්‍රිකුණමල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර, පාරුවේ ගමන් කුලී ගත් පුද්ගලයා කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 35, 40 සහ 53 වයස්වල පසුවන පෙරියාතමුණ, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ඊයේ (24) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කින්නියා පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි.
කින්නියා කුරුඤ්ඤන්කර්නි කළපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් ජීවිතය අහිමි වූවන්ට වන්දි දීමේ ආණ්ඩුවේ වගකීම ඉටු කරන බව ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශන ඩලස් අලහප්පෙරුම මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඊයේ (24) පැවසුවේය. අහිමි වූ එම ජීවිත මුදලින් තක්සේරු කළ නොහැකි වුවද , ඔවුන්ගේ පවුල්වල ජීවත් වන සාමාජිකයන් වෙනුවෙන් මේ වගකීම ආණ්ඩුව දරන බවද ඇමැතිවරයා පැවසීය. මේ ඛේදවාචකය සම්බන්ධයෙන් නීතිමය පියවර ක්‍රියාත්මක වෙමින් පවතින බවත් හෙතෙම කීවේය. මේ අතර අනතුර හේතුවෙන් අපහසුතාවට පත් එම ප්‍රදේශයේ වෙසෙන දරුවන්ගේ පාසල් ගමන පහසු කරලීමට මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ගොඩබිම් මාර්ගය හරහා ගමන් කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදවන ලෙස එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ගොඩබිම් මාර්ගය ඉතා දීර්ඝ වුවද කෙටි කාලයකින් ගමන් කිරීමට හැකිවන පරිදි පාලම සහ පාලම් පාරු සේවාව යථා තත්ත්වයට පත් වන තෙක් පාසල් දරුවන් හා ප්‍රදේශවාසීන්ට ගමන් පහසුකම් සලසා දෙන ලෙස සභාපතිවරයා උපදෙස් දී තිබේ.(උපුටා ගැනීම – දිනමිණ )
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…