මෙරට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවලට අදාළ, ගාස්තු අය කිරීමේ දී LANKAQR හරහා ගෙවීම් සිදු කිරීමේ ඩිජිටල් ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මහාමාර්ග අමාත්‍යවරයා විසින්. ඒ අනුව අධිවේගී මාර්ග හරහා සිය ගමන් කටයුතු සිදු කරන රියදුරන්ට, අදාළ ජංගම යෙදවුම මගින් තත්පර අටත් දහයත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම සිදු කිරීමට හැකියාව පවතිනවා. මුදල්, නෝට්ටු හා කාසි ලෙස භෞතිකව පරිහරණය covid 19 ව්‍යාප්තිය හමුවේ අවම කිරීම වඩාත් උචිත බව ක්ෂේත්රයේ විද්වතුන් පෙන්වා දෙන අතර මෙම ක්‍රමවේදය නිසා එම අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යම් පහසුවක් සැලසෙනු ඇති. ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ කවුන්ටරයේ ගේට්ටුවේ ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් ඊට පිවිස අදාළ ගෙවීම් සිදු කළ හැකියි.
නවතම වීඩියෝ
-
මුදල් නි.ඇමති තුර්කියට දීපු සහතිකය Chief Guest Dr. Anil at Turkiye Republic Day
-
එක්නැලිගොඩ නඩුව අදත් කැඳවයි.53 වැනි සාක්ෂිකරුගෙන් කරුණු රැසක් අනාවරණය වෙලා.
-
"පට්ටපල් හොරෙක්නේ" නඩු මොනාද? සමාජවාදී තරුණ සංගමෙ අංජන සම්පත් සැර දෙහි කැපිල්ලක්.
-
"පඩිපෙළේ නීතිඥයෝ..,කොරහේ කිඹුල්ලු දකිනවා"- රජය ගේන පනත්වලට ආශු එකඟවෙයි.


