දේශීය

අධිවේගී මාර්ගවල යන රියදුරන්ට හොඳ පුවතක්..

මෙරට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවලට අදාළ, ගාස්තු අය කිරීමේ දී LANKAQR හරහා ගෙවීම් සිදු කිරීමේ ඩිජිටල් ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මහාමාර්ග අමාත්‍යවරයා විසින්. ඒ අනුව අධිවේගී මාර්ග හරහා සිය ගමන් කටයුතු සිදු කරන රියදුරන්ට, අදාළ ජංගම යෙදවුම මගින් තත්පර අටත් දහයත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම සිදු කිරීමට හැකියාව පවතිනවා. මුදල්, නෝට්ටු හා කාසි ලෙස භෞතිකව පරිහරණය covid 19 ව්‍යාප්තිය හමුවේ අවම කිරීම වඩාත් උචිත බව ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙන අතර මෙම ක්‍රමවේදය නිසා එම අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යම් පහසුවක් සැලසෙනු ඇති. ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ කවුන්ටරයේ ගේට්ටුවේ ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් ඊට පිවිස අදාළ ගෙවීම් සිදු කළ හැකියි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago