දේශීය

රිය අනතුරු අවම කිරීමට අන්තර් පළාත් බස්රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක්

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් මාර්ග විනය සම්බන්ධව රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පැවති මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා රිය අනතුරු නිසා ජීවිත 1948ක් අහිමිව ඇති බවත් පසුගිය වසර 10 ක කාලය තුළ 27000ක් පමණ ජීවිත අහිමිවී ඇති බවත් පැවසූ අමාත්‍ය සරත් වීරසේකර මහතා, මාර්ග විනය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතනවල මූලිකත්වයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසීය. දඩගෙවීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා මගහරවා ගැනීමට ක්ෂණික දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් හා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමයක් නුදුරේදීම හදුන්වා දෙන බවත් ඒ සඳහා මේ වන විටත් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පැවසීය.

මාර්ග අනතුරු වැඩිවීම සඳහා වන රියදුරන්ගේ විනයක් නොමැති වීම ප්‍රධාන හේතුවක් බව හදුනාගෙන ඇති බැවින් එම තත්ත්වය මඟහරවාලීම සඳහා වන වැඩපිළිවෙලක අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේදී මතුකළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසීය

මෙහිදී අදහස් දැක්වූ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ මාර්ග විනය සම්බන්ධව රියදුරන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සැලසුම්කර ඇති බවත් පවතින කොවිඩ් තත්ත්වය හමුවේ එය ප්‍රමාද වූ බවත්ය. මේ අනුව එහි පළමු පියවර ලෙස අන්තර් පළාත් බස් රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ආරම්භ කරන බව ද අමුණුගම මහතා පැවසීය. අන්තර් පළාත් බස් රථ රියදුරන් 17000 ක් පමණ මේ වන විට සේවය කරන බවත්, බහුලව සිදුවන බස්රථ අනතුරු සඳහා ඔවුන්ගේ විනය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

වෘත්තිය සමිති ව්‍යාපාර හෝ උද්ඝෝෂණවලින් තොරව ඉතා අසීරු තත්ත්ව යටතේ රාජකාරී සිදු කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්හට නිසි දීමනා සහ වැටුප් ලබා දීමේ අවශ්‍යතාවයද මන්ත්‍රීවරු කමිටුවේ අවධානයට යොමු කළහ. පසුගිය කොවිඩ් තත්ත්වය තුළ පොලිසියේ සාමාජිකයන් 15700ක් ආසාධිතයන් වූ බවත් 44 දෙනෙකු මිය ගිය බවත් පැවසූ අමාත්‍යවරයා විවිධ දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරන පොලිස් නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩිකිරීම සඳහා මන්ත්‍රීවරු කරුණු මතු කිරීම පිළිබඳව සිය ස්තූතිය පළ කළේය.

වර්තමානයේ මාධ්‍ය තුළින් අපරාධ වාර්තාකරණයේදී පොලිසිය වඩා වගකීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. අධිකරණ කටයුතුවලට බාධා වන ලෙස පොලිසිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැටලු සහගත බැවින් ඒ සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් වන අකිල එල්ලාවල, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ද ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, චන්දිම වීරක්කොඩි, අජිත් රාජපක්ෂ, මධුර විතානගේ, ගුණතිලක රාජපක්ෂ, මුදිතා ද සොයිසා, මංජුලා දිසානායක, උදයන සී. කිරිදිගොඩ, ඩයනා ගමගේ, සුදත් මංජුල, අනුප පැස්කුවල්, මේජර් සුදර්ශන දෙනිපිටිය ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක්ද පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Recent Posts

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Prime Marina” ව්‍යාපෘතිය දියත් කෙරේ

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…

1 day ago

​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ​අද (12) පාර්ලිමේන්තු…

1 day ago

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

2 weeks ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

2 weeks ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

2 weeks ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

2 weeks ago