Sunday, April 26, 2026
Homeදේශීයචීන බාල පොහොර නැවට එන්න දෙන්නෙත් නැහැ සල්ලි ගෙවන්නෙත් නැහැ - මහින්දානන්ද

චීන බාල පොහොර නැවට එන්න දෙන්නෙත් නැහැ සල්ලි ගෙවන්නෙත් නැහැ – මහින්දානන්ද

අහිතකර බැක්ටීරියා අඩංගු බවට අනාවරණය වූ චීන‍ කාබනික පොහොර තොගය සහිත නෞකාව රට තුළට ඇතුළු කර නොගන්නා බවත් ඒ සඳහා අදාළ සමාගමට කිසිදු ගෙවීමක් නොකරන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (27) ප්‍රකාශ කළේය.

මෙරටින් ඉදිරිපත් කර ඇති නිර්දේශවලට අනුව ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ආනයනය කළහොත් පමණක් පොහොර මිලදී ගැනීම කරන බවද හෙතෙම කීවේය.

චීන කාබනික පොහොර සහිත නැව වරායෙන් පිටත් කර ඇත්තේ ඊට අදාළව මෙරටින් ලබා ගත යුතු වාණිජ බලපත්‍රය හෝ ලබා නොගෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම අදාළ නැව තුළ තිබෙන පොහොර තොගයෙන් සාම්පල පරීක්ෂා කිරීමක් කිසිසේත්ම නොකරන බවත් ඔහු පැවසීය.

අධිකරණ නියෝගයක් හරහා අදාළ සමාගම රට තුළට ඇතුළු වීම වළක්වා ඇති අතර, පවතින ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව කාබනික පොහොර සහිත චීන නෞකාව රට තුළට ඇතුළු වූයේ නම් අදාළ සමාගමට මුදල් ගෙවීමට වන බවත් හෙතෙම කීය.

චීනයෙන් නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමට සියලු කටයුතු සූදානම් කළද එම පොහොරවල මෙරටට අහිත කර බැක්ටීරියා අන්තර්ගත බවට අනාවරණය වූ බැවින් පවතින අවශ්‍යතාව මත ඉන්දියාවෙන් ඊට අදාළව නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයට කටයුතු කළ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

DINAMINA

READ:   මීරිගම රබර් කර්මාන්ත ශාලාවේ ගින්න තවදුරටත් 
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්