Sunday, August 2, 2026
Homeදේශීයසියලු ප්‍රාථමික පාසල් සඳුදා සිට ඇරැඹෙයි

සියලු ප්‍රාථමික පාසල් සඳුදා සිට ඇරැඹෙයි

එළැඹෙන සඳුදා එනම් 25 වැනිදා සිට රජයේ සහ රජයේ අනුමත පුද්ගලික සියලුම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) ආරම්භ වන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන සිළුමිණට ප්‍රකාශ කළේය.

මෙහි පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් 5,056ක ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 වැනිදා සිට ආරම්භ විය. එයට අමතරව ලබන සඳුදා ආරම්භ වන පාසල් සංඛ්‍යාව 4,096කි. ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,155ක් වන අතර ඉන් පාසල් 9,152ක් සඳුදා සිට විවෘත වන අතර එයට සිසුන් 13,05,948ක් අයත්ය. ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව ජාතික පාසල් 373ක් සහ පළාත් පාසල් 9,782කි.

ගුරු වෘත්තිය සංගම් පෙන්වා දෙන්නේ සඳුදා සිට සියලු ගුරුවරු සහ විදුහල්පතිවරු සේවයට යළි වාර්තා කරන බවත්, යළි ඉගැන්වීම්, ඉගෙනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමටද සූදානම් බවය. සියලු පාසල් සඳුදා සිට යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂිතයි

සිළුමිණ වාර්තා කළ පුවතකි

READ:   නියඟයෙන් හානී වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්