යාපනය, කයිතඩි පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් හා කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කයිතඩි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති.
ඔවුන් සඳහන් කළේ, අදාළ වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව වැඩිහිටි නිවාසයේ අනෙකුත් වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු ඊයේ (අගෝ. 31) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා භාජනය කළ බව ය.
එහිදී ඉන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ අනුව එම වැඩිහිටි නිවාසය වසා දැමීමට කටයුතු කර ඇති අතර ආසාදිතයින් ප්‍රතිකාර හා නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මහජන පරීක්ෂක නිලධාරීහු පැවසූහ.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…