දේශීය

පානදුර මූලික රෝහලේදී මළ සිරුරු 2ක් මාරු වෙයි

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිංහල කාන්තාවගේ මළ සිරුරුක් මුස්ලිම් කාන්තාවකගේ මළ සිරුරක් ලෙස අවසන් කටයුතු සිදු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පානදුර මූලික රෝහලේ අංක 7 කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී වයස අවුරුදු 89 ක හා 93 කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු එකිනෙක මාරු වී ඇතැයි දැනගන්නට ඇත.

මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි මුස්ලිම් කාන්තාව ඉකුත් මස 21 වන දා මිය ගොස් ඇති අතර ඇයගේ මළ සිරුර වෙනුවට ඥාතීන්ට 26 වෙනි දින භාර දී ඇත්තේ එදිනම මිය ගිය පානදුර වීරසිංහ මාවතේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවගේ මළ සිරුර බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මළ සිරුර එදිනම මඩකලපුව ඔට්ටමාවඩු ප්‍රදේශයේ මිහිදන් කර ඇති බව ද එම ආරංචි පවසයි.

93 හැවිරිදි කාන්තාවගේ දියණිය ඊයේ (28 )මවගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සමග රෝහල වෙත ගිය අවස්ථාවේදී මවගේ මළ සිරුර එහි නොමැති බව දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව මේ පිළිබඳව රෝහල් බලධාරීන්ගෙන් විමසීමක් කර තිබේ.

ඒ වන විටත් මේ පිළිබඳ නොදත් රෝහල් බලධාරීන් සිද්ධිය යටපත් කිරීම සඳහා දැඩි උත්සාහයක් ගෙන ඇති අතර නීතියට සම්බන්ධ එම කාන්තාව විසින් තම මවගේ මළ සිරුර ඉල්ලා දැඩි ස්ථාවරය සිට ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

අනතුරුව විවිධ පාර්ශවයන් මෙම සිද්ධියට මැදිහත් වීමෙන් අනතුරුව රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදු කිරීමේ තීරණය මත සිද්ධිය සමථ වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

18 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

18 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago