දේශීය

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Covid–19 වෛරසය ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සමරවීර මහතා මිය ගොස් තිබේ.

1956 වසරේ අප්‍රේල් 21 වැනිදා මාතරදී උපත ලද මංගල සමරවීර මහතා මිය යන විට 65 වැනි වියේ පසුවිය.

2017 වසරේ සිට 2019 දක්වා මෙරට මුදල් අමාත්‍යධුරය දරනු ලැබුවේ මංගල සමරවීර මහතායි.

2005 වසරේ සිට 2007 වසර දක්වාත්, 2015 වසරේ සිට 2017 වසර දක්වාත් අවස්ථා දෙකකදී ඔහු විදේශ අමාත්‍යධුරය දරනු ලැබීය.

මංගල සමරවීර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙන්නේ, 1983 වසරේ මාතර ප්‍රධාන සංවිධායකවරයා ලෙසයි.

1989 වසරේදී ඔහු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ, මංගල සමරවීර මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ය.

2004 වසරේදී ඔහු වරාය, ගුවන් සේවා හා ජනමාධ්‍ය අමාත්‍යධුරය ද දරනු ලැබී ය.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

5 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

6 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago