දේශීය

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Covid–19 වෛරසය ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සමරවීර මහතා මිය ගොස් තිබේ.

1956 වසරේ අප්‍රේල් 21 වැනිදා මාතරදී උපත ලද මංගල සමරවීර මහතා මිය යන විට 65 වැනි වියේ පසුවිය.

2017 වසරේ සිට 2019 දක්වා මෙරට මුදල් අමාත්‍යධුරය දරනු ලැබුවේ මංගල සමරවීර මහතායි.

2005 වසරේ සිට 2007 වසර දක්වාත්, 2015 වසරේ සිට 2017 වසර දක්වාත් අවස්ථා දෙකකදී ඔහු විදේශ අමාත්‍යධුරය දරනු ලැබීය.

මංගල සමරවීර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙන්නේ, 1983 වසරේ මාතර ප්‍රධාන සංවිධායකවරයා ලෙසයි.

1989 වසරේදී ඔහු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ, මංගල සමරවීර මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ය.

2004 වසරේදී ඔහු වරාය, ගුවන් සේවා හා ජනමාධ්‍ය අමාත්‍යධුරය ද දරනු ලැබී ය.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

13 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago