Wednesday, April 15, 2026
Homeදේශීයඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කරන බවට පණිවුඩයක් යැවූ පුද්ගලයාගෙන් ප්‍රශ්න...

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කරන බවට පණිවුඩයක් යැවූ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරගෙන යනවා – සරත් වීරසේකර

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කරන බවට පණිවුඩයක් යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

විශේෂ කණ්ඩායමක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇතැයි, සඳහන් කරමින් අදාළ පුද්ගලයා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ 3 වන ලේකම්වරියට පණිවුඩයක් යවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තර්ජනය කඩා කප්පල්කාරී ක්‍රියාවක් ද, ව්‍යාජ එකක් ද සහ ඔහු මෙවැනි පණිවුඩයක් යැවීමේ අරමුණු කුමක් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ පුද්ගලයාගෙන් එලෙස ප්‍රශ්න කරන බව යි.

තව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, ජාතික ආරක්ෂාව වැනි කරුණු පිළිබඳ දැනුමක් ඇති හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන ඔහු තමාට එවැනි තොරතුරක් ලැබුණේ නම්, ඒ පිළිබඳව ප්‍රථමයෙන් පොලීසිය හෝ හමුදාව දැනුවත් කළ යුතුව තිබූ බව යි.

මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද සෑහීමකට පත්විය යුතු බව ත් ඉදිරියේදී මෙහි යථාර්ථය කුමක් ද යන්න දැන ගත හැකි වනු ඇතැයි, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු නිලධාරියෙකු වූ කීර්ති රත්නායක නමැති අයෙකි.

මහනුවර හිදගල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන සැකකරු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ ලේඛකයෙකු ද වේ.

කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ දින තුනක් රඳවා ගනිමින් ප්‍රශ්න කරමින් සිටී.

READ:   ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අවබෝධතා ගිවිසුමක කාලය දීර්ඝ කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්