Categories: දේශීය

මර්දනයෙන් ආණ්ඩුව නැති සටන් හදාගන්නවා

වත්මන් ආණ්ඩුව තමන් ගෙන යන මර්දන ක්‍රියා හේතුවෙන් මෙතෙක් නොතිබුණ අරගල හා සටන් ක්‍රියාමාර්ග නිර්මාණය කරගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
සිය පක්ෂ මූලස්ථානයේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
“වර්තමාන ආණ්ඩුව නිරෝධායන නීතිය කොරෝනා මර්දනය කිරීමට පාවිච්චි කරනව වෙනුවට අපේ රටේ ජනතාවගේ අරගල මර්දනය කරන්න පටන් ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානය ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍යමය අවදානමක් තිබෙන නිසා උද්ඝෝෂණ, රැස්වීම්, තහනම් කරන බව සඳහන් කළා. හදිසියේ ඊයේ මේ වගේ මතක් වුණේ ඇයි? කොරෝනා මර්දනයට අදාල නිරෝදායන නීති ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛණ ගත්තාම කොරෝනා ආසාධිතයන් මේ ආසන්න කාලයේ ලොකු වෙනසක් සිදුවී නැහැ. එහෙනම් මේ නිවේදනයේ යටි අරමුණ සෞඛ්‍ය අවදානමක් ඇති බව කියමින් ජනතා විරෝධතා නතර කිරීම බව පැහැදිලියි. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් පොලීසිය නිකුත් කළ නිවේදනයේ තියෙන්නේ නිරෝධායන නීති කඩන අයට විරුද්ධව පොලීසිය ක්‍රියා කරනවා කියලා.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago