දේශීය

ශානි අබේසේකර විශ්‍රාම යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ (30) සිය වසර 35ක සේවා කාලය නිම කරමින් විශ්‍රාම දිවියට එළඹිණි.
1986දී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වන ඒ මහතා 2013 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත්, 2017 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කෙරිණි.
උඩතලවින්න ඝාතනය, රෝයල් පාක් ඝාතනය, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය, රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න පෙර්රා ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, රතුපස්වල ඝාතන සිදුවීම, හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය වැනි අපරාධ පිළිබඳ පරීක්ෂණ ගණනාවක් ඔහු විසින් සිදු කරනු ලැබිණි.
මූලාශ්‍ර : නිව්ස්ෆස්ට්

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

18 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago