අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ (30) සිය වසර 35ක සේවා කාලය නිම කරමින් විශ්‍රාම දිවියට එළඹිණි.
1986දී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වන ඒ මහතා 2013 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත්, 2017 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් පත් කෙරිණි.
උඩතලවින්න ඝාතනය, රෝයල් පාක් ඝාතනය, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය, රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න පෙර්රා ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, රතුපස්වල ඝාතන සිදුවීම, හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය වැනි අපරාධ පිළිබඳ පරීක්ෂණ ගණනාවක් ඔහු විසින් සිදු කරනු ලැබිණි.
මූලාශ්‍ර : නිව්ස්ෆස්ට්
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…