ශ්‍රී ලංකාව විශාල අර්බුදයන්ට මුහුණ දෙමින් සිටියදී යුතුකම් ඉටු නොකරන පොලිසියක් එවැනි අර්බුද වැඩි කිරීමට හේතු වන බවත් එම තත්ත්වය වෙනස් නොකරන්නේ නම් එම විපත් වඩ වඩාත් ව්‍යාප්තව වී අපේක්ෂා නොකරන මට්ටමේ විනාශයක් සිදු වනු ඇති බවත් ආසියානු මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
මෙම තත්ත්වය වෙනස් කරවාගැනීම රටේ සෑම අංශයකම ප්‍රධානතම අරමුණක් යුතු බවත් එම කොමිසම සඳහන් කරන්නේ වධහිංසාවට එරෙහි වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පසුගිය 25 වැනිදා නිකුත් කළ සිය ප්‍රකාශනයෙනි.
එම ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.
“සෑම පොලිස් ස්ථානයක් තුළම මෙන් සිදු වන වදහිංසා, අත් අඩංගුව තුළදී සිදු වන ඝාතන, බොරු නඩු දැමීම් මගින් නිර්දෝෂී පුද්ගලයන්ට කරන බරපතල හිරිහැර, දේශපාලන හේතූන් මත කෙරෙන නඩු පැවරීම් මෙන්ම හුදෙක්ම අල්ලස් ගැනීම හා දැඩි වෘත්තීය නොසැලකිලිභාවය නිසා ඇති වන වැරදි නිසා රටේ පොදු ජනතාව බරපතල ලෙස කරදරයට පත් වී සිටී.
මෙම සංස්ථාව වෘත්තීය යුතුකම් ඉටුකිරීමට හැකි සංස්ථාවක් බවට පත් කරවා ගැනීම සඳහා කිසිදු උනන්දුවක් විවිධ දේශපාලන නායකත්වයන් විසින් පෙන්නුම් කරන්නේ නැත. ආයතන දියුණුව සදහා අවශ්‍ය අයවැය ලබාදෙන්නේද නැත. අකාර්යක්ෂම හා දූෂිත පොලීසියක පැවැත්ම දේශපාලන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.
ලංකාව විවිධ විශාල අර්බුදයනට මුහුණ දෙන අවස්ථාවක සමාජය වෙත ඉටු කළ යුතු යුතුකම් ඉටු නොකරන පොලීසියක් එම අර්බුද වැඩි කිරීමට හේතු වේ. රටේ අනාගතය සුරක්ෂිත වීමට හා සෞභාග්‍යමත් වීමට නම් මෙම තත්ත්වය වෙනස් කරවාගැනීම රටේ සියලුම අංශයන් තුළ ප්‍රධානතම අරමුණක් බවට පත් කරගත යුතුය. එසේ නොවුනහොත් දැනටමත් වර්ධනය වෙමින් පවතින විපත් වඩ වඩාත් ව්‍යාප්තව ගොස් හිතා ගත නොහැකි ප්‍රමාණයේ විනාශයක් කරනු ඇත.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…