දේශීය

යුතුකම් ඉටු නොකරන පොලිසියකින් හිතන්නට බැරි විනාශයක් විය හැකියි

ශ්‍රී ලංකාව විශාල අර්බුදයන්ට මුහුණ දෙමින් සිටියදී යුතුකම් ඉටු නොකරන පොලිසියක් එවැනි අර්බුද වැඩි කිරීමට හේතු වන බවත් එම තත්ත්වය වෙනස් නොකරන්නේ නම් එම විපත් වඩ වඩාත් ව්‍යාප්තව වී අපේක්ෂා නොකරන මට්ටමේ විනාශයක් සිදු වනු ඇති බවත් ආසියානු මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
මෙම තත්ත්වය වෙනස් කරවාගැනීම රටේ සෑම අංශයකම ප්‍රධානතම අරමුණක් යුතු බවත් එම කොමිසම සඳහන් කරන්නේ වධහිංසාවට එරෙහි වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පසුගිය 25 වැනිදා නිකුත් කළ සිය ප්‍රකාශනයෙනි.
එම ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.
“සෑම පොලිස් ස්ථානයක් තුළම මෙන් සිදු වන වදහිංසා, අත් අඩංගුව තුළදී සිදු වන ඝාතන, බොරු නඩු දැමීම් මගින් නිර්දෝෂී පුද්ගලයන්ට කරන බරපතල හිරිහැර, දේශපාලන හේතූන් මත කෙරෙන නඩු පැවරීම් මෙන්ම හුදෙක්ම අල්ලස් ගැනීම හා දැඩි වෘත්තීය නොසැලකිලිභාවය නිසා ඇති වන වැරදි නිසා රටේ පොදු ජනතාව බරපතල ලෙස කරදරයට පත් වී සිටී.
මෙම සංස්ථාව වෘත්තීය යුතුකම් ඉටුකිරීමට හැකි සංස්ථාවක් බවට පත් කරවා ගැනීම සඳහා කිසිදු උනන්දුවක් විවිධ දේශපාලන නායකත්වයන් විසින් පෙන්නුම් කරන්නේ නැත. ආයතන දියුණුව සදහා අවශ්‍ය අයවැය ලබාදෙන්නේද නැත. අකාර්යක්ෂම හා දූෂිත පොලීසියක පැවැත්ම දේශපාලන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.
ලංකාව විවිධ විශාල අර්බුදයනට මුහුණ දෙන අවස්ථාවක සමාජය වෙත ඉටු කළ යුතු යුතුකම් ඉටු නොකරන පොලීසියක් එම අර්බුද වැඩි කිරීමට හේතු වේ. රටේ අනාගතය සුරක්ෂිත වීමට හා සෞභාග්‍යමත් වීමට නම් මෙම තත්ත්වය වෙනස් කරවාගැනීම රටේ සියලුම අංශයන් තුළ ප්‍රධානතම අරමුණක් බවට පත් කරගත යුතුය. එසේ නොවුනහොත් දැනටමත් වර්ධනය වෙමින් පවතින විපත් වඩ වඩාත් ව්‍යාප්තව ගොස් හිතා ගත නොහැකි ප්‍රමාණයේ විනාශයක් කරනු ඇත.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago