අමාත්‍යවරයා මෙසේ නීරීක්ෂනයට ලක් කලේ බුස්ස සතොස තොග ගබඩාවයි.
රට තුළ පවත්නා තත්වය තුළ පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ ගැටළු ඇති විය හැකි අවස්ථා මඟහරවා සතොස තොග ගබඩා සංකීර්නවල දැනට පවතින භාන්ඩ ප්‍රමානය විමසා බැලීම සදහායි අමාත්‍යවරයා මෙහි ගොස් තිබෙන්නේ.
මේ නීරීක්ෂනය ගැන අමාත්‍යවරයා තමන්ගේ මුහුණු පොතේ මෙසෙ පළ කර තිබුණා.
මෙවැනි අවස්ථාවකදී ජාතියේ මිළ තීරක වශයෙන් සතොස ආයතනය විසින් අනාගත කාලයට අවශ්‍ය වන තොග රැස් කරගැනීමටත් දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහාම හිඟයකින් තොරව ලබා දීමටත් නිසි සෞඛ්‍ය පිළිවෙත් සුරකිමින් කටයුතු කළ යුතු බවට එහිදී මා විසින් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. හදිසි අවස්ථාවක් ඇති වුවද පාරිභෝගිකයා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිදු ගැටළුවකින් තොරව ලබා දීමට මේ වන විටද කටයුතු සූදානම් කර තිබේ. භාණ්ඩ නිසි ලෙස නිකුත් කරන අතරතුර, තවදුරටත් ඉදිරි මාසයක කාලයක් සඳහා අවශ්‍ය භාණ්ඩ තොග සතොස ගබඩා තුළ පවත්වාගෙන යාමට ඒ අනුව කටයුතු කටයුතු කර තිබේ.
ආචාර්ය බන්දුල ගුණවර්ධන,වෙළෙඳ අමාත්‍ය 2021.05.08





