සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි මෙම නව කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු නිශ්චිත ස්ථාන කිහිපයකින් දැනට හමුවී ඇතත් මේවා සමාජයට පැතිර නොයා වී යයි සිතිය නොහැකි බව ද ඔහු කීය .
මෙම ඉන්දියානු හා බ්‍රිතාන්‍ය වයිරස ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රභේද දෙකක් බවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ සංකූලතා වැඩි බවත් ආචාර්යවරයා හෙළි කළේය
මොන සැර ප්‍රභේද ආවත් ඒවා තමන්ගේ ඇඟ ඇතුළට නොගැනීම සියලු දෙනාගේ වගකීමක් බව කී චන්දිම ජීවන්දර මහතා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වයිරස පරාජය කළ හැකි බවද කීවේය .
මුව ආවරණ නිසි පරිදි පැළඳීම , සබන් යොදා නිතර අත් සේදීම හා දෑත් පිරිසුදු කරන විසබීජහරණ දියර පාවිච්චිය කොරෝනා වයිරසයෙන් ගැලවීමට තිබෙන ප්‍රධාන මෙවලම් බවද හෙතෙම ප්‍රකාශ කළේය .
මේ අතර නව කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු වේගවත් කර ඇතැයිද ඒ සඳහා අවශ්‍ය උපකරණ කට්ටල රැසක් ලබාගෙන ඇතැයි ද ජීවන්දර මහතා පැවසීය .
lankadepa
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM