Friday, April 17, 2026
Homeදේශීයගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතයෙන් ආරන්ෂාවෙන්නේ කෙසේද? රජයේන උපදෙස් මාලාවක්.

ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතයෙන් ආරන්ෂාවෙන්නේ කෙසේද? රජයේන උපදෙස් මාලාවක්.

ගැබිණි ඔබගේත් කුස තුළ සිටින දරුවාගේත් නිරෝගිමත්භාවය ඉතාම වැදගත්. කොවිඩ් පැතිරෙන මේ කාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් මේ සඳහා අත්‍යවශ්‍යයි.ගැබිණි මවකට කොවිඩ් වැළඳුනහොත් සංකුලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති නිසා, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිම හේතුවකට නිවසෙන් පිටතට නොයන්න. සායනයට හෝ රෝහලට හෝ යාමට සිදු වුවහොත්, කොවිඩ් 19 රෝගයෙන් වැළකී සිටීමට පහත කරුණු තරයේ පිළිපදින්න

ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතය පවතින මේ කාලයේ වඩාත් අවධානයෙන් කටයුතු කළ යුත්තේ ඇයි?

1. වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථාන වල රැඳී සිටීම අවම කරන්න

2. සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පැළඳීම

3. පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම

4. අවමංගල්‍ය උත්සව වැනි වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම5. නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම

කොවිඩ් රෝගයට දක්වන බිය හේතුවෙන් ගැබිණි මවුවරුන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාර වලට යොමු වීම ප්‍රමාද වෙනවා දකින්න තිබෙනවා. ඒ ප්‍රමාදය නිසා ගැබිණි මවගේත්, කුස තුල සිටින දරුවාගේත් සෞඛ්‍යයට හානි සිදුවිය හැක.

මේ කොවිඩ් අවදානම වැඩි කාලයේදී, සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමට යම් අපහසුතාවයන් තිබෙනවා වෙන්න පුළුවන්. එමනිසා ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තුමිය හෝ අමතා එම සේවාවන් දැන් ලබාගත යුතු ආකාරය ගැන අදම දැනුවත් වෙන්න.

“ගර්භණී සමයේ ඇතිවිය හැකි අවදානම් සංඥා” ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. නැවත වරක් ඒවා මතක් කර දෙනවා නම්, උණ, රුධිර වහනය, තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පෙනීමේ අපහසුතාවය, වලිප්පුව (Fit), පපුවේ/උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩුවක්, සිරුරේ ඉදිමීම, හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවක් අවදානම් සංඥාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙවැනි අවදානම් සංඥාවක් මතු වුවහොත් වහාම රෝහල වෙත යා යුතුයි. ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තුමියවත් දැනුවත් කරන්න.

READ:   ආබාධිත දරුවන් සමඟ මවක් ළිඳට පනී

ගර්භණී ඔබගේ ආරක්ෂාව උදෙසා රෝහල් තුළ කොරෝනා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. ඒ නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කිසිසේත්ම පැකිලීමට අවශ්‍ය වන්නේ නෑ. ඔබේ පවුලේ අයකු නිරෝධායනයට ලක්වෙනවා නම් හෝ කොවිඩ් රෝගියෙකු යැයි සැකකරන පුද්ගලයෙකු නිවසේ වාසය කරනවා නම් හෝ ඒ පිළිබඳව වහාම ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තුමිය දැනුවත් කරන්න. ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමට, හැකිතාක් ඔහුගෙන් / ඇයගෙන් ඈත්ව සිටින්න

යම් හෙයකින්, ඔබට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැකයක් ඇත්නම් වහාම ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය දැනුවත් කරන්න. අවශ්‍ය ප්‍රතිකාර වලට වහාම යොමුවන්න. රෝහල් පද්ධතිය ඔබ වෙනුවෙන් සූදානම්..

මේ සියලු සිදුවීම් අතරතුර ඔබට යම් මානසික පීඩනයක් දැනෙනවා වෙන්න පුළුවන්. එය මගහරවා ගැනීමට සෑමවිටම සැහැල්ලුවෙන්, නිරවුල් මනසකින් ඉන්න උත්සාහ කරන්න. ඕනෑම වේලාවක ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරී තුමිය හෝ 1999 සුවසැරිය දුරකතන සේවාව හරහා වෛද්‍ය වරයෙකු හෝ අමතා ඔබගේ ගැටළු පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නත් පුළුවන්

සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශය

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්