Friday, June 5, 2026
Homeදේශීයපොල්තෙල් විසදැයි තවත් වාර්තා දෙකක් අද!

පොල්තෙල් විසදැයි තවත් වාර්තා දෙකක් අද!

විස කවන දේශද්‍රෝහීන්ට දැඩි දඬුවම් දිය යුතුයි – ඇමති සරත් වීරසේකර
ජනතාවට විෂ ආහාර ද්‍රව්‍ය කවන්නන් දේශද්‍රෝහීන් ලෙස තමන් සලකන බවත් පිලිකාකාරක අඩංගු පොල්තෙල් දේශීය වෙළෙඳපොළට ගෙන්වීමට කටයුතු කළ අයට දැඩි දඬුවම් පමුණුවන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
ඒ සඳහා වන මූලික කටයුතු පාරිභෝගික අධිකාරිය මේ වන විට සිදු කරමින් සිටින බවත් අනෙකුත් ආහාර ද්‍රව්‍යද ජනතාවට‍ විෂ සහිතද යන්න සොයා බැලිය යුතු බවත් ඇමතිවරයා අවධාරණය කරන බව අද (29) ‘දිනමිණ’ පුවත්පත වාර්තා කළේය. සඳහන් කළේ ය.
මේ අතර ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගම් තුනෙන් එක් සමාගමක් එහි දෙවන තත්ත්ව පරීක්ෂාවෙන්ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසන අතර අනෙකුත් සමාගම් දෙකෙහි පරීක්ෂණ වාර්තා අද (29) පැමිණීමට නියමිත බවත් එම ආයතනය පවසයි.

READ:   මධ්‍යම කඳුකරයේ ජල උල්පත් සිඳී යාමේ අවධානමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්