Road Safety World Series තරඟාවලියේ Legends කණ්ඩායම් අතර පැවති අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා Legends කණ්ඩායම පරදා ලකුණු 14ක තියුණු ජයක් හිමි කරගනිමින් ඉන්දීය Legends කණ්ඩායම තරඟාවලියේ ශූරයින් වෙමින් ශ්‍රී ලංකා ළෙගෙන්ඩ්ස් කණ්ඩායම තරඟාවලියේ අනුශූරයින් බවට ඊයේ (21) පත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය Legends කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 181 ක් රැස් කළ අතර පන්දු වාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී, ලකුණු 167ක් පමණක් ලබා ගැනීමට එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා Legends කණ්ඩායමට හැකි විය.
Pic: The Indian Express


