පොලිස් සේවයේ යෙදී සිටිමින් විනය විරෝධි ක්‍රියාවන්හී නිරතවන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වහාම ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
විනය විරෝධි කටයුතු සිදුකරන නිලධාරීන් සම්බන්ධයෙන් ළඟම පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන්නැයිද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කලේ ,
‘‘පොලිස් සේවයේ විනය විරෝධී නීති විරෝධී ක්‍රියාකරන නිලධාරීන් සිටිනවානම් ඒ වගේම අපරාධවලට, දූෂණ සිද්ධිවලට සම්බන්ධ නිලධාරීන් ඉන්නවානම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඔවුන් කුමන තරාතිරමක සිටියත් අපිට අදාළ නැහැ. පොලිසියට කැළලක් වන ආකාරයෙන් හැසිරෙන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න ශ‍්‍රී ලංකා පොලිසිය පසුබට වෙන්නේ නැහැ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…