Monday, March 30, 2026
Homeදේශීයවි.ජ.මු ලොකුබණ්ඩාර වෙනුවෙන් ජනපති, අගමැති සොව පළ කරති

වි.ජ.මු ලොකුබණ්ඩාර වෙනුවෙන් ජනපති, අගමැති සොව පළ කරති

ජනතා අභිලාෂයන් කෙරෙහි දැඩි අවධානයකින් පසු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ බුහුමනට ලක් වූ එකක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබදව ශෝක පණිවඩුයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
කතානායකවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුකාරවරයකු ලෙස ශ්‍රී ලාංකීය සමාජයේ නොමැකෙන නාමයක් තැබූ වි.ජ.මු, ලොකුබණ්ඩාර මහතා සිංහල භාෂාව හා සිංහල සංස්කෘතිය පිළිබඳ විමර්ශනශීලි ප්‍රාඥයෙකු වූ භක්තිමත් භාෂා ප්‍රේමියෙකු බව ජනාධිපතිවරයා සිය ශෝක පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.
මහජන සේවය උතුම් කොට සැලකූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා දේශපාලන යුග ගණනක නොමැකෙන චරිතයක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

READ:   මි.මී. 100 ට වැඩි වැසි ඇති කරමින් කාලගුණය වෙනස් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්