දේශීය

සංචාරක කර්මාන්තයේ නියැලෙන අයට සහන රැසක් – ප්‍රසන්න රණතුංග

සංචාරක කරමාන්තයේ නියැලෙන සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සහන රැසක් ලබා දි ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම පැවසුවේ සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ඇති සුදුසුම විසඳුම වන්නේ රට සංචාරක කර්මාන්තය සඳහා විවෘත කිරීම බවයි.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලින් බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය කොවිඩ් 19 තත්ත්වය සමඟ අගාධයටම ඇඳ වැටුණු බව අමාත්‍යවරයා කීවේය.

කොවිඩ් 19 තත්ත්වය සමඟ විශාලතම බලපෑම එල්ල වූ අංශය වන්නේ සංචාරක කරමාන්තය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය.රජය මඟින් ලබාදුන් අවම සහන පවා සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයකට ලැබී නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය. සංචාරක රථ රියදුරන් , සංචාරකයන්ට නිශ්පාදන අලෙවි කළ පුද්ගලයින් සහ කුඩා ලැඟුම්හල් පවත්වා ගෙන ගිය පුද්ගලයන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ජල හා විදුලි බිල්පත් ගෙවීම්, ලබා ගෙන ඇති ණය ගෙවීම් මෙන්ම වැටුප් ගෙවිම් අතින් ව්‍යවසායකින් අපහසුතාවයට පත්ව ඇති බවත් දිසානායක මහතා කීවේය.

සංචාරක සංවර්ධන අධිකාරිය සහන ලබා දෙන්නේ එහි ලියාපදිංචි ආයතනවලට පමණක් බැවින් ග්‍රාමිය වශයෙන් මෙම කර්මාන්තයේ නියැලෙන්නන් දැඩි පීඩාවට පත්ව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ට සහන ලබා දීම වෙනුවෙන් රජය මේවන විට රුපියල් මිලියන 72 ක් වියදම් කර ඇති බව අමාත්‍යවරයා එහිදී කීවේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට සහන ලබාදීම ගැටළුවක් බව අමාත්‍යවරයා කීවේය. සංචාරක සංවර්ධන අධිකාරියෙන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය සරල කිරීමට පියවර ගෙන ඇති බවත් එය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago