දේශීය

සංචාරක කර්මාන්තයේ නියැලෙන අයට සහන රැසක් – ප්‍රසන්න රණතුංග

සංචාරක කරමාන්තයේ නියැලෙන සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සහන රැසක් ලබා දි ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම පැවසුවේ සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ඇති සුදුසුම විසඳුම වන්නේ රට සංචාරක කර්මාන්තය සඳහා විවෘත කිරීම බවයි.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලින් බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය කොවිඩ් 19 තත්ත්වය සමඟ අගාධයටම ඇඳ වැටුණු බව අමාත්‍යවරයා කීවේය.

කොවිඩ් 19 තත්ත්වය සමඟ විශාලතම බලපෑම එල්ල වූ අංශය වන්නේ සංචාරක කරමාන්තය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය.රජය මඟින් ලබාදුන් අවම සහන පවා සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයකට ලැබී නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය. සංචාරක රථ රියදුරන් , සංචාරකයන්ට නිශ්පාදන අලෙවි කළ පුද්ගලයින් සහ කුඩා ලැඟුම්හල් පවත්වා ගෙන ගිය පුද්ගලයන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ජල හා විදුලි බිල්පත් ගෙවීම්, ලබා ගෙන ඇති ණය ගෙවීම් මෙන්ම වැටුප් ගෙවිම් අතින් ව්‍යවසායකින් අපහසුතාවයට පත්ව ඇති බවත් දිසානායක මහතා කීවේය.

සංචාරක සංවර්ධන අධිකාරිය සහන ලබා දෙන්නේ එහි ලියාපදිංචි ආයතනවලට පමණක් බැවින් ග්‍රාමිය වශයෙන් මෙම කර්මාන්තයේ නියැලෙන්නන් දැඩි පීඩාවට පත්ව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ට සහන ලබා දීම වෙනුවෙන් රජය මේවන විට රුපියල් මිලියන 72 ක් වියදම් කර ඇති බව අමාත්‍යවරයා එහිදී කීවේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට සහන ලබාදීම ගැටළුවක් බව අමාත්‍යවරයා කීවේය. සංචාරක සංවර්ධන අධිකාරියෙන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය සරල කිරීමට පියවර ගෙන ඇති බවත් එය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

21 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

21 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago