කොවිඩ් 19 මර්දනය උදෙසා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය විසින් ඊයේ (28) කටයුතු කරනු ලැබිණි.
ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් මෙම එන්නත ඊයේ භාර දුන්නේය.
එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ඉන්දියාවෙන් ප්‍රදානය කෙරුණ අතර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි ඒවා බෙදා හැරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී අද (29) එන්න්නත්කරණය පළමු එන්නත අයිඩීඑච් රෝහලේ සේවකයෙකුට ලබා දීමට සැලසුම් කර තිබේ.
එන්නත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෘතවේදීතවය දැක්වීමට ‘මෛත්‍රී’ යැයි නම් කර ප්‍රදානය කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…