දේශීය

ලෝක එන්නත්කරණයෙන් ඉහළ සිටි රට මේ රජය යටතේ පහළට වැටිලා – පා.ම. රාජිත සේනාරත්න

“කොරෝනා පාලනය දිනෙන් දින ඉහළ යනවා. මේ වන විට දිස්ත්‍රික් 25ටම පැතිරිලා ගොස් හමාරයි. ලංකාව තුළැත් මරණ 278ක් සිදු වෙලා. සමහර අය කියනවා මීට වඩා මැරෙනවා ඇති. ඒවා වාර්තා වෙනවද සැකයි. අපේ රටේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා වැළඳිලා. එතුමිය තමයි මුලින්ම මුට්ටි ගඟට දාලා, පැණි බීලා රටට ලෝකෙට ආදර්ශයක් දුන්නේ. අද එතුමිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ 11දෙනෙක්ට වෛරස වැළඳිලා. රටේ සෞඛ්‍ය ඇමති ඇතුළු අමාත්‍යාංශයේ අයට වෛරස වැළඳීමෙන් පෙනී යනවා වෛරස නිවැරැදිව පාලනය වෙනවද නැද්ද කියලා. හේතුව එම අමාත්‍යාංශය මගින් තමයි සියල්ල පාලනය වන්නේ.” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
කොළඹ විප්ක්ෂ නායක කාර්යාලයේ අද (25) උදෑසන පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.
“ජාත්‍යන්තරය අපේ රට ගෝත්‍රික තත්ත්වයට දමා හමාරයි. එය සෞඛ්‍ය ඇමැතිතුමියගේ ක්‍රියාකලාපය නිසා. ලෝකයේ බිහි වූ විද්‍යා ක්‍රම පරදලා මිථ්‍යාව රටට පෙන්නුවා. පැණි කීයක් තිබුණාද රිටිගල, ධම්මික. ⁣ඖෂධ මහාචාර්ය ජයසුමන මහත්තයාත් සුදර්ශනී පැණියක් ගෙනාවා. එතුමාගේ ආචාර්යකම ලැබුණේ කොහොමද කියලත් සමහර අය අහනවා. අද කාලි මෑණියන්ට අපහස කරමින් තමයි ධම්මික පැණිය බෙදුවේ. බුදුරජාණන් වහන්සේ පවා එදා මිථ්‍යා ක්‍රම ගත්තේ නැහැ. එදත් විද්‍යාත්මක වෛද්‍ය ක්‍රම තමයි අනුගමනය කළේ. මෙම රජය බලයට ආවේ මිථ්‍යාව වපුරමින්.
මෙම වෛරසට ඇති එකම විසදුම එන්නත පමණයි පාර්ලිමේන්තුවේ මාස 3කට පෙර සිට කිව්වා එන්නතක් ඇනවුම් කරන්න කියලා. අයවැය විවාදයේදීත් කිව්වා. අදත් එසේ කර නැහැ. සෞඛ්‍ය ඇමතිතුමිය අසරණයි රජයෙන් ඒ සදහා මුදල් දෙන්නේ නැති නිසා. එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් එන්නතක් විය යුතුයි. දැන් ඉන්දියාවේ එන්නතක් ගැන කතා වෙනවා. එය රටේ ජනගහනය අනුව ප්‍රමාණවත් නැහැ. වෙනත් රටවල් ඇනවුම් කළේ ජනගහනය අනුවයි. ලයිස්තුගත කළ ආකාරයට නිවැරදි එන්නත රටට එන විට 2022වත් වෙයි.
මේ රජය කොරෝනා පාලනයට එක එක අය පත් කළා. දැනුම, අත්දැකීම් තිබෙන අය ඉවත් කළා. එයට හේතුව ඒ අය පත් කළේ යහපාලන රජය නිසා. ලෝක එන්නත්කරණයෙන් ඉදිරියෙන් සිටියේ අපේ රටයි. දැන් එය පහළට වැටිලා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දෙන්නේ එන්නත් සියයට 20යි. එය පාවිච්චි කරන්න පුළුවන් සියයට 15කටයි. සෞඛ්‍ය ඇමති කාලයේ දිවා රෑ නොබලා කාර්යමණ්ඩලය සමග සෞඛ්‍ය පද්තිධය ඔසවා තැබුවා. මේ රජය සෞඛ්‍ය ක්ෂේත්‍රය පහළට දමලා. ඒ විතරක් නොවෙයි, ආර්ථිකයත් පහත වැටිලා. අද ඩොලරය 200ට වැඩි අපි අහනවා අජිත් කබ්රාල්ලා කොහේද ඉන්නේ කියලා. ⁣දැන් ඒ අය කොටස් වෙළෙඳපොළේ එල්ලිලා ඉන්නවා. එයත් කඩා වැටුනම එල්ලෙන්න එකක් නැති වෙනවා. එන්නත ගෙන්වන්න බිලියන 10ක ණයක් ඉල්ලා තිබුණා. එය තවම අනුමත වී නැහැ. නමුත්, මේ රජය බිලියන 10ක මුදල්ක් විල්මා ආයතනයේ සාජාන් මොහොමඩ්ට සීනිවලින් ගහන්න දුන්නා. එක වරම සීනි බද්ද අඩු කළා. නමුත් සීනි 85ට ගන්න කොහේවත් නැහැ. එම ගැසට් එක තවත් ඉදිරියට දික් කරලා සජාන් මොහොමඩ්ට තමයි මේ අය ස්‍රැංගිලා ඉඩමත් විකිණුවේ. ඒ වගේම පොල්තෙල් මාෆියාවත් ඒ අයගේ එම නැව්වලින් තමයි ගෙනාවේ. අපේ කාලයේ වුණා නම් බලන්න තිබුණා දේශප්‍රේමී අය අද කොහේද කියලා. සජාන්ලා හම්බු කරපු බිලියන 10 අද එන්නත ගේන්න යොදවන්න තිබුණා.” යැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නැගෙනහිර ජැටිය 49%ට දෙන්න යනවා එය බදු දීමක් නම් නැවත අපේ රටට ගන්න තිබුණා නමුත් මේ අය සම්පූර්ණම එය ලබා දෙනවා .රටේ ආර්ථිකය විශ්ලේෂකයන් කියනවා ඉදිරියේදී රාජ්‍ය සෙවකයින්ට පඩි ගෙවීමට නොහැකි වන බව.ආණ්ඩුවේ අය ඒ ගැන කථා කරන්නවත් එන්නේ නැහැ .රට ගමන් කරන්නේ විශාලා නුවර වගේ එක පැත්තකින් වසංගතයක් තව පැත්තකින් මිනිස්සුන්ට කන්න නැතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය .

Recent Posts

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

8 mins ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

16 mins ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

48 mins ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

2 hours ago

කුසලාන ප්‍රදානය ගැන ප්‍රශ්නයකට චමරිගෙන් තියුණු පිළිතුරක්

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…

3 hours ago