වරාය නැගෙනහිර ජැටිය විකිණීමට තමන්ද විරුද්ධ වන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මිනුවන්ගොඩ පොදුජන පෙරමුණු සමුළුවට සහභාගි වෙමින් ඇමතිවරයා පෙරේදා (25) මේ බව පැවසීය.
ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් රටට ආයෝජන ගෙන ඒම ජාතික සම්පත් විකිණීමක් නොවන බවත් කී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටෙවුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ ගැට ගැහුවාට පස්සේ අපේ පාක්ෂිකයන්ට යන එන මං නැති වුණු නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජීවිතේට ගොඩගන්න බෑ. අද ඔය තරමට හරි රැකිලා ඉන්නේ අපිත් එක්ක එකතු වුණු නිසයි. දැන් බලන්න යූඑන්පී එකට වෙලා තියෙන දේ. එක මන්ත්‍රී කෙනෙක් පත් කරගන්න බෑ. යුඑන්පෙ ප්‍රබලයෝ ගිහින් හදපු පක්ෂය අද නන්නත්තාරයි. පක්ෂයක් හදන්න පුළුවන්. හැබැයි පවත්වාගෙන යන්න අමාරුයි. අපි පිහිටවපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ආසියාවේ ශක්තිමක්ම පක්ෂයක් බවට පත්වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ කැප කිරීම නිසායි.
කොවිඩ් වසංගතය මර්දනය කරපු රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානය ගෙන තිබෙනවා. අපි භාරගත්තේ ජාතික ආරක්ෂාව බිඳ වැටුණු රටක්. මහබැංකු හොරකම හරහා ආර්ථිකය කාබාසිනියා කරපු රටක්. අපිට භාරදුන්නේ නූල් බෝලයක් වගේ පැටලුණු රටක්. දැන් අපි ඒ නූල් බෝලය ලෙහාගෙන යනවා.
යහපාලනය වසර 04 ක් තිස්සේ විනාශ කරපු රට අපි අද ගොඩ නගමින් තිබෙනවා.
සංචාරක ඇමතිවරයා විදිහට මම අභියෝගයක් භාරගෙන තිබෙනවා මේ රටට සංචාරකයන් ගේන්න. සංචාරකයන් ගේන්න හදනකොට විපක්ෂය කිව්වේ අපි සංචාරකයෝ ගේන්න හදනවා, පිටරටවල ඉන්න අපේ රටවිරුවෝ ගේන්නේ නෑ කියලා. මේ වෙනකොට 70,000කට වැඩිය විදේශ ශ්‍රමිකයන් අපි ලංකාවට ගෙනත් තියෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලක්ෂ 30ක් ඍජුව හා වක්‍රව ජීවත් වෙනවා. මාස 10 ක් කිසිම ආදායමක් මේ අයට තිබුණේ නෑ. සංචාරක ව්‍යාපාරයේ නිරතවෙලා හිටපු අය රොටී, පොළොස්, පොල් විකුණනවා අපි දැක්කා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මැදිහත් වෙලා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙලක් හැදුවා. විපක්ෂයට ඕනේ රට සංචාරකයන්ට වහලා තියන්න. සංචාරක ව්‍යාපාරය යළි ගොඩනැගුණහොත් රටේ ආර්ථිකයට එය විශාල ශක්තියක් බව විපක්ෂය දන්නවා. ඒ හින්දා තමයි ජනතාව අතර බොරු වපුරන්නේ සංචාරක ව්‍යාපාරයට එරෙහිව.
සංචාරක ව්‍යාපාරය යළි ඇරඹීම මුළු රටටම බලපානවා. පහුගිය ටිකේම විපක්ෂය සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ආණ්ඩුවට ගැහුවා. එහෙම ගහන්න ගහන්න අපි ශක්තිමත් වෙනවා. සංචාරකයන්ට රට විවෘත කරලා පළවෙනි පැය 24 තුළ පමණක් විදේශිකයන් 164 දෙනෙක් ලංකාවට එන්න වීසා ඉල්ලලා තියෙනවා. මේ ආණ්ඩුව අභියෝගවලින් පැනලා යන ආණ්ඩුවක් නෙමෙයි.
කොවිඩ් වසංගතයත් එක්ක අපි අලුත් විදිහට ජීවත්වෙන්න පුරුදුවෙන්න ඕනේ. පාසල් අරිනකොට වෙනදා විදිහට අපිට පාසල් අරින්න බෑ. ඒකට සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම අනුගමනය කරන්න වෙනවා. අපිට රැකියා කරන තැන්වල රැකියා කරන්න වෙන්නේ වෙනස් විදිහකට. කෝච්චියේ, බස් එකේ යන්න වෙන්නේ වෙනස් විදිහකට.
අද විපක්ෂය සංවිධානාත්මකව බොරු ප්‍රචාර ආණ්ඩුවට විරුද්ධව ගෙනියනවා ඒ ආණ්ඩුවට තියෙන බවට. ඔවුන් දන්නවා ආණ්ඩුව දැන් වැඩ පටන් අරන් කියලා. ආණ්ඩුව සැලැස්මක් දැක්මක් ඇතිව ඉදිරියට යනවා කියලා. ඒකට විපක්ෂය බයයි. ඒ නිසා තමයි 2015 දී වගේ ආණ්ඩුවට විරුද්ධව බොරු ප්‍රචාරය කරන්නේ. අපි ඔය බොරු ප්‍රචාර වලට බය නෑ. මොකා මොන විදිහට උඩු බිරුවත් අපි ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරනවා. 2019 ජනාධිපතිවරණයේදීත් 2020 මහමැතිවරණයේදී ත් ලබා දුන් ජනවරමට අපි කිසිසේත් පිටුපාන්නේ නෑ. ජනතාව අපි පිළිබද ව තැබු විශ්වාසයට කිසිදු පළුද්දක් ඇති වෙන්න අපි ඉඩ තබන්නේ නෑ.
අද බොහෝදෙනෙක් කෑ ගහනවා වරාය නැගෙනහිර පර්යන්ත පිළිබඳව. අපි කවදාවත් දේශීය සම්පත් විකුණන්න ඉඩ දෙන්නේ නෑ. මමත් ඒකට විරුද්ධයි. ජනාධිපතිතුමා මාධ්‍ය නිවේදනයක් මගින් කිවුවා එතුමා ඒකට ඉඩ දෙන්නේ නෑ කියලා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේ ආණ්ඩුවත් ජාතික සම්පත් විකුණනන්න සුදානම් නෑ. අපේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් සුරැකීම මිසක් විකිණීම නෙමෙයි. ඒ නිසා නැගෙනහිර ජැටිය විකුණන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඒත් රටට ආයෝජන ගේනවා. ඒකෙන් කියන්නේ නෑ අපි නැගෙනහිර ජැටිය විකුණනවා කියලා. යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය වික්කා. අපි ඒක නැවත පවරා ගන්න කටයුතු කරගෙන යනවා. ඒකට ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනත් ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙනවා. මේක ජනතාවාදී ආණ්ඩුවක්. ඒ නිසා විපක්ෂයේ බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.”
වරාය නැගෙනහිර ජැටිය විකිණීමට ඇමති ප්‍රසන්නගේ විරෝධය
නවතම වීඩියෝ
-
🔴 සාම පාගමනට මහනුවරදී එකතුවු මහා ජන ගංගාව මෙන්න.
-
හදාගන්න,අපි එනවා බලන්න!!ඇමති සමන්ත බදුල්ලේ දිට්වා වන්දි දෙමින් කියපු කථාව.
-
කැබිනට් එකේදී ජනාධිපතිතුමා තීන්දු කළා!! සියලු රාජ්‍ය සේවකයින් ගන්න.සමන්ත දුන්න සුභ පණිවිඩය.
-
මේ ආණ්ඩුව මසක් දෙකක් ඇතුලට වට්ටන්න පුුලවන්.අපි නැවේ ගිලෙන දවස ලගයි.මැදගොඩ අභයතිස්ස හිමි කිව්ව කථාව.


