බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම ප්‍රදේශයේ ස්වකීය රාජකාරි ඉටු කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු ගේ හා තවත් සෞඛ්‍ය සේවා නිලධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුගේ මුහුණට කෙල ගැසූ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා වසර 6 ක සිර දඬුවමක් සහ රුපියල් 10,000 දඩයක් පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ නියම කළා.
අටලුගම ප්‍රරදේශයේ පදිංචිකරුවෙකු වන 56 හැවිරිදි ෆකීර්හොහමඩ් අමීර් නැමති පුද්ගලයෙකුට අධිකරනයෙන් එසේ දඬුවම් නියම කර තිබෙනවා.
කෙළ පහර ලත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හා අනෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු සෙසු සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ රුපියල් ලක්ෂ හතරක වන්දියක් ගෙවන ලෙස අධිකරණ නියෝග කර තිබෙනවා . කෙසේ හෝ වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඉහත කී දඬුවමට අමතරව එක් චෝදනාවකට මාස දෙක බැගින් ඔහුට තවත් අමතර වසර දෙකකක සිර දඩුවමක් ලබාදෙන ලෙස ද අධිකරණය නියම කර තිබෙනවා.
කොවිඩ් ආසාදනය වි සිටි විත්තිකාර පුද්ගලයාට ප්‍රතිකාර ලබාදීමට රැගෙන යෑම සඳහා ඉහත කී සෞඛ්‍ය සේවා නිලධාරීන් පිරිස ඉකුත් දෙසැම්බර් මස දෙවන දා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා රැගෙන යෑමට විරෝධය පාමින් ඔහු එසේ හැසිරී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා ගණනාවකදී මෙවැනි ආකාරයේ වැරදි සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වන අතර අධිකරණය මගින් ලබාදුන් එම නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ සිය රාජකාරි කටයුතුවල නියැලෙන සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු ඒ හා සම්බන්ධ සියලු නිලධාරීන්ට සෑමදෙනාම සහය දැක්විය යුතු බවත් ඔවුන් එසේ සේවය කරන්නේ නම් මහජන යහපත සඳහා බවත්ය.
මෙවැනි දේ සිදිුකර පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී උපරිම දඩුවම් ලබා දෙන බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් බවයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…