Categories: දේශීය

හැටනව ලක්ෂය ඉල්ලූ දේ ආණ්ඩුව දෙමින් ඉන්නවා – පා.ම. අශෝක් අබේසිංහ

ක්‍රම වෙනසක් බලාපොරොත්තු වූ 69 ලක්ෂයේ ජනතා බලාපොරොත්තු දැන් ඉටුවෙමින් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද (13) උදෑසන කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය.
“සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වූ 69 ලක්ෂයේ බලාපොරොත්තු දැන් ඉටුවෙනවා. අරන්තලා භික්ෂු ඝාතනයට රණවිරුවන් මරා දැමීමට සම්බන්ධ පිල්ලියාන් සියලු චෝදනාවලින් අද නිදහස් වුණා. වංචා දූෂණවලට එරෙහිව කථා කළ රන්ජන් රාමනායක සිරගත කරනවා. සිස්ටම් චේන්ජ් කියලා ආපු ආණ්ඩුව වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දෙන්න කටයුතු කරනවා. අපිට මතකයි අගමැතිතුමා කිව්වා යහපාලන රජය දෙන, විකුණන දේවල් ගන්න එපා අපි බලයට ආපු ගමන් එය නැවත ගන්නව කියලා. අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා එය බදු දෙන්නේවත් විකුණන්නේවත් නැහැ කියලා. නමුත් වරාය ඇමතිගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා ආයෝජනයක් විය හැකියි එය ඉන්දියාවේ අදානි සමාගම විය යුතුයි කියලා. ලෝකයේ 13වැනි තැනට තියෙන වරාය ගැටියයි 49% දෙන්න යන්නේ එසේ ලබා දීම අසාධාරණයි.
මේ රජය බලයට ගේන්න කටයුතු කර අනුබද්ධ සමාගම් ඒ වගේම ස්වාමීන් වහන්සේලා අද කලකිරිලා.අපි දුටුවා ඊයේ ගැටිය ඉන්දියාවට දීමට එරෙහිව විවිධ පක්ෂ හා සමාගම් උද්ඝෝෂණ කරනවා නමුත් වරාය ඇමැති, විකුණනවා යන වචනය වෙනුවට ආයෝජන යන නම භාවිතා කරමින් ජනතාව මුලා කරනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය .

මේ රජය බොහොම දක්ෂයි යහපාලන රජයේ ව්‍යපෘති මේ රජයේ වගේ විවෘත කරන්න .ටයර් කර්මාන්ත ශාලාව ලගදීම විවෘත කරනවා එය යහපාලන රජයේ ආයෝජනයක්.අපි දුටුවා මන්නාරම් සුළං විදුලි බලාගාරය මේ රජය විවෘත කළා. එයත් යහපාලන රජයේ ආයෝජනයක්. එවා තමයි ආයෝජන කියන්නේ වරාය ගැටිය දෙනවාට සමගි ජන බලවේගය අපි විරුද්ධයි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා .
අද එක රටක් එක නීතියක් කිව්වා .රටවිරුවන් ගෙන්වන්න තියෙද්දි ගජමිතුරුන් සංවිධානය කරන යුක්රේන සංචාරකයන් ගෙන්වා .ඊයේ 12 දිනක් 165ක් අපේ රටට ආවා කොහේද එක රටක් එක නීතියක් මිග්යානා ගනුදෙනුවට සම්බන්ධ උදයංග වීරතුංග තමයි සංචාරක ව්‍යාපාරය කරන්නේ .ඔවුන්ට නීතිය නැහැ ඔවුන් රට පුරා සංචාරය කරනවා යාල වනඋද්‍යානයේ ජිප් රථ රියදුරන් එම සංචාරකයන් රැගෙන ගියා කියලා ඔවුන් දින 14ක් නිරෝධනය කරා එ වගේම දලදා මාලිගාවට ගිය අවස්ථාවක් අපි මාධ්‍ය ඔස්සේ දුටුවා ඔවුන්ට කිසිම නීතියක් නැහැ .
සෞදි ආරාබියේ සිට දුරකථන ඇමතුම් එනවා ඔවුන්ට මව් රටට එන්න විශාල මුදලක් ⁣ඉල්ලන බව කියලා එම මුදල ගෙවන්න බැරි නම් නොමිලේ ගුවන් යානාවක් ඒ රටට යා යුතුයි එසේ වන්නේ නැහැ .නාමල් රාජපක්ෂ ඇමතිතුමා පවා පිලිගත්තා මේ තුල මුදල් වංචාවක් වන බව අපි එතුමාට කියනවා ඒ ගැන ටිවිටර් පණිවිඩ අවශ්‍ය නැහැ තාත්තා අගමැති බාප්පා ජනාධිපති දෙන්නට කියන්න කියලා එය නිවැරැදි කරන්න තිබුණා .

අද රටේ කොරොනා රෝගීන් 50000කට ආසන්න වාර්තා වෙනවා නමුත් පරීක්ෂණ ප්‍රමාණය අඩුයි. සිස්ටම් චේනජ් කියලා බලාපොරොත්තු උනේ මෙය නොවෙයි රාජ්‍ය දේපල අමඅමුවේ කුණු කොල්ලයට දෙනවා .තරුණ අයගේ රැකියා අහිමි වෙනවා රජයට ඒ වෙනුවෙන් කිසිම වැඩපිළිවෙළක් නැහැ.වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය මගහරමින් යනවා .අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල යනවා .දූෂණයෙන් රට මුදවා ගන්නාව කියපු ජනාධිපති අද ආවේගයේ කථා කරනවා ඇත්තටම නන්දසෙන ගෝඨාභය තුල චරිත දෙකක් තියෙනවා ඒ බව එතුමාම ප්‍රකාශ කරා එය දේශපාලන පලිගැනීම් වලට යොදා ගැනීම ගැන අපි කණගාටු වෙනවා ඒ නිසා තමයි අපි කිව්වේ ගම් සභාවකවක් හිටපු නැති කෙනෙක් රටේ නායකයා උනාම මේසේ වන බව .
අද ආසියාවේ ධනවත්ම පවුල රාජපක්ෂ පවුලයි අපි අහනවා කිසිම ව්‍යාපාරයක් නොකර එසේ උනේ කේස්ද කියලා .ඒ වගේම තමයි මේ රට වසර 20ක් පාලනය කර පවුලේ අය තමයි දැනුත් ගම හදන්න කියලා ගමට යන්නේ” යැයිද අබේසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය .

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් ලබා දීම පිළිබඳව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයක් හමුවේ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
ඔව් පාර්ලිමේන්තුවේ මගේ ලගම පුටුවේ තමයි ඔහු අසුන් ගත්තේ. ඇත්තටම කණගාටු වෙනවා ඔහුට ලැබුණු දඩුවම ගැන .නමුත් මන්ත්‍රී ධුරය නැති වෙන ආකාරය ගැන ගැටලු තියෙනවා මන්ත්‍රී දූරයක් නැති වෙන්නේ මාස 6කට පසුව. නමුත් මොහුට එය වෙනස් වීම ගැන අපි කණගාටුයි.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago