දේශීය

සොහොන් පිටියෙන් වැඩ ආරම්භ කළ ලොව විශිෂ්ටතම ටෙස්ට් නායකත්වය…

ස්ටීව් වෝ (Steve Waugh) කියන්නෙ ඕස්ට්‍රේලියාවෙන් බිහිවුනු විශිෂ්ටතම තුන් ඉරියවු ක්‍රීඩකයෙක් කියල කීවොත් ඒක ඔහුට කරන අසාධාරණයක්. ඇත්ත්ටම ඔහු දක්ෂ පිතිකරුවකු, පන්දු යවන්නකු, පන්දු රකින්නකු පමණක් නොව එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පහළවූ විශිෂ්ටතම නායකයා.

1999 වසරේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත් වෙන ස්ටීව් වෝ 2004 දක්වා වසර 5ක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරනවා. ඒ කාලය තුලදි ඔහු පසුබෑමට ලක්ව තිබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායම බවට පත් කරනවා. ඔහුගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියාව එකදිගට නොකඩවා ටෙස්ට් තරඟ 16ක් ජයගන්නවා.

අදටත් මේ වාර්තාව බිඳ හෙලන්න කිසි කෙනෙකුට හැකිවෙලා නැහැ. ටෙස්ට් තරඟ 57කට නායකත්වය ලබල දීල ඉන් තරඟ 41ක් ජයග්‍රහණය කරා මෙහෙයවල, 9ක් පරාජයට පත් වෙල, තරඟ 7ක් ජය පැරදුමින් තොරව අවසන් කරල, ජයග්‍රහණ ප්‍රතිශතය 71.93ක්, ලෙස අදටත් ලොව පහලවුන සාර්තකම ටෙස්ට් ක්‍රිකට් නායකයා ඔහු. ඒ විතරක් නෙවෙයි 1999 ලෝක කුසලාන ජයග්‍රහණයත් ඔහු තම රටට අත්පත් කර දෙනවා.ස්ටීව් වෝ කියන්නෙ ඉතාමත් දැඩි මානසික ශක්තියකින් හිමි නායකයෙක්.

ඔහුට කිසිම ක්‍රීඩකයකු සමග පෞද්ගලික තරහක් නැතත්, පිට්ටනිය ඇතුලෙදි ඔහුට ප්‍රතිවාදියාව සැම ආකාරයකින්ම පරදල තමන්ගෙ කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයවන්න ඕන කියන දැඩි අරමුණක හිටිය නායකයෙක්. ඔහු මුලින්ම තමුන්ගෙ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගෙ මානසික ශක්තිය හදන්න, ආත්ම විශ්වාසය වැඩි කරන්න හරි අපූරු ක්‍රමයක් භාවිතා කරනවා.2001 වසරෙ ‘අළු බඳුන’ කුසලානයට (Ashes series) සහභාගි වෙන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්තය බලා යන අතර තුරදි ඔහු තමුන්ගෙ කණ්ඩායම තුර්කිය ආසන්නයේ තියෙන ගැලිපොලි (Gallipoli Peninsula) වල පිහිටි සොහොන් පිට්ටනියකට රැගෙන යනවා. 1915 පළවෙනි ලෝක යුද්දයට නවසිලන්ත හමුදාවත් සමග මිත්‍ර හමුදාවක් විදිහට යුද්දයට සහභාගි වුන 8700 ක් පමණ ඕස්ට්‍රේලියානු මියගිය හමුදා විරුවන් මිහිදන්කරපු ඓතිහාසික සොහොන් පිට්ටනියකට තමයි ඔහු ඔහුගෙ කණ්ඩායම රැගෙන යන්නෙ.

පැයක විතර කාලයක් ඔහු ඔහුගෙ කණ්ඩායමේ සගයන්ට තමුන්ගෙ අතීත වීරයන්ගෙ සොහොන් කොත් අතර ඇවිදයමින් ඒ අතීත විරුවන් කරපු කැපකිරීම් සමග ගත කරන්න ඉඩ සලසනවා. ඔහුට අවශ්‍ය වෙන්නෙ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට, තමන්ගෙ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ වැදගත්කම වගේම, ඔවුන්ගෙ ආත්මශක්තිය විශ්වාසය ඔවුන්තුලම ඇතිකර වන්න. මේ අදහස ස්ටීව්ට ඇතිවෙන්නෙ, වසරේ ඕස්ට්‍රේලියානු පුරවැසියා (Austrailian of the year) සම්මානයෙන් පිදුම් ලැබූ Lieutenant-General Peter Cosgrove සමග රාත්‍රී භෝජනයකට සහභාගිව සිටින අතතුර, හමුදාවටත් ක්‍රිකට් ක්‍රීඩවටත් පොදු කරුණු පිළිබඳ දෙදෙනා අතර ඇතිවූ අදහස් හුවමාරුවක අතුරු ප්‍රතිඵලයක් විදිහට.හමුදා කණ්ඩයකට වගේම ක්‍රිකට් කණ්ඩායමකටත් ප්‍රතිවාදියාට මුහුණදීමේදී, සූක්ෂමව සැලසුම් කිරීම, එය ක්‍රියාවට නැංවීමට පෙර කණ්ඩායමේ සියලු දෙනා අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, බැඳීම සහ සැලසුම ගැන සියලුදෙනාම අතර පවතින අවබෝධය අත්‍යාවශ්‍ය ගුණාංගයක් බව ස්ටීව් විශ්වාස කළා. තමන්ගෙ කණ්ඩායමේ සගයන්ට එකමුතුකම, තමුන් කරන කර්යය ගෞරවයෙන් කරන්න, අත්ම විශ්වාසයක් ඇතිකරන්න හොඳ ක්‍රමයක් විදිහට අතීත මුතුන් මිත්තන් කරපු කැපකිරීම් පෙන්නන්න ඔහුට ඕන උනා.මේ පිළිබඳව පසුකළක අදහස් දැක්වූ ස්ටීව් වෝ කියා සිටියේ, “මිනිසුන් අපිට වීරයෝ කියනවා. නමුත් අපි ක්‍රීඩාවක් කරනවා පමණයි. අපි එයට දක්ෂයි. නමුත් සැබෑවටම සටන් කළ අය අපට වඩා වීරයන්. ඔවුන්ට ඒ ගෞරවය ලැබිය යුතුයි. ක්‍රීඩකයන්ට මෙම ගමන හොඳ අත්දැකීමක් උනාට, අතීතයේ එහි සිදුවූ බිහිසුණු සිදුවීම්, මියගිය පුද්ගලයන්, තුවාල ලැබූවන් මුහුණ දුන් තත්වයන් අපිට හිතාගන්න වත් බැහැ” ඒ තරඟ සංචාරයේදී ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟාවලිය වගේම එක්දින තරඟවලියත් ජයගන්නවා.සාර්ථක කණ්ඩායමක් විදිහට නැවත වතාවක් අපරාජිතව නැගී සිටීමේ ආරම්භය මේ සමග සිදු උනා වගේම වගේම, ස්ටීව්ගෙන් පස්සෙ කණ්ඩායමේ නායකත්වය භාරගත්ත රිකී පොන්ටින් ට අතිසාර්ථක කණ්ඩායමක් භාරදෙන්න ස්ටීව්ට හැකි වෙන්නෙ ඔහුගෙ තිබ්බ අතිවිශිෂ්ට නායකත්ව ගුණයන් නිසා.එපමනක් නෙවෙයි සාමාන්‍යයෙන් නායකයෙක් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට තමුන්ගෙ පන්දු යැවීමෙන්, පන්දු රැකීමෙන් සහ ඇනුම් පද (Sledging) කීමෙන් ප්‍රතිවාදියා මානසිකව බිඳවට්ටනවා. එහෙත් ස්ටීව් ඊට හාත් පසින් වෙනස් උපක්‍රමයක් තමයි භාවිත කළේ.

ඔහු වේගවත් ආක්‍රමණකාරී පිතිකරණය ප්‍රතිවාදීන්ට මානසික බියක් ඇති කිරීමට යොදාගත්තා. 2001 වසරෙදි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන් සහභාගිවූ ටෙස්ට් තරඟ වලදී පන්දුවාරයකට ලකුණු 3.77ක සාමාන්‍යක් ලබා ගත්තා. 2002 වසරෙදි එය 3.99ක්. ටෙස්ට් ඉතිහාසයේ මෙම ලකුණු වේගය ඉක්මාවා ගිය අවස්තා ඇත්තේ එකක් පමණයි. ඒ 1910 දී එවකට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියනුවන් සෑම පන්දුවාරයකරම වාර්තා කළ 4.47ක ලකුණු ලබා ගැනීමේ වේගයට පමණයි. ස්ටීව් ගේ නායකත්වය යටතේ, තරඟයක පළමු පන්දුව උනත්, ලකුණු 10ට කඩුළු 3ක් බිඳ වැටී තිබුනත්, ලකුනු 200ට කඩුලු 0ක් උනත්, දිවා අහරය දක්වා කාලයද, දිවා අහාරය සහ තේ පානය අතර තුල කාලයද, සවස් භාගයද, කිසිදු වෙනසකින් තොරව ඔවුන් වේගයෙන් ලකුණු රැස් කරමින් ප්‍රතිවාදීන්ව පිතිකරණයෙන්ද මානසිකව බිඳ වැටීමට සැලැස්සුවා.කඩුලු රකින ක්‍රීඩකයා 6වෙනි ක්‍රීඩකයා ලෙස පන්දුවට පහර දීමට පිටියට පැමිණියත් ඔහුත් පළමු පිතිකරුවන් 6 දෙනා වගේම වේගය පවත්වා ගනිමින් පන්දුවට පහර දිය යුතුයි කියන උපක්‍රමය ඔහු භාවිතා කළා. වේගය සිත් ඇදගැනීමට භාවිතා නොකළ ඔහු ප්‍රතිවාදීන් අන්ද මන්ද කරමින්, ඔවුන්ගේ මනසෙහි ඇතිවන චකිතය, ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහනය බවට පත් කර ගත්තා.මේ හේතුව නිසාම අදටත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහසයේ සාර්තකම නායකයා ඔහුයි.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

22 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

23 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago