විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) පැවසීය. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මුදල් ගෙවා නිරෝධායනය වීමට හැකියාවක් නොමැති ශ්‍රී ලාංකිකයන් සඳහා බල කිරීමකින් තොරව නොමිලේ අදාළ පහසුකම් රජය විසින් ලබා දී ඇති බව ද ඇමැතිවරයා පැවසීය.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2019 පෙබරවාරි මාසයේ දී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනකු මෙරටට රැගෙන ආ දිනයේ සිට ශ්‍රී ලංකා රජය මේ දක්වා විදේශයන්හි අසරණ වූ විවිධ ක්ෂේත්‍රයන්හි නියැළී සිටි ශ්‍රී ලාංකිකයන් 61, 750 කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත් තවත් රටවල් 137ක වෙසෙන ශ්‍රී ලාංකිකයන් 69, 000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වී ඇති බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.
විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අනිවාර්ය නිරෝධායන කාල සීමාව දින 14ක් වන අතර ගෙවීම් කර නිරෝධායන ස්ථානයක නවාතැන් ගන්නා ලෙස ඉල්ලා සිටින කිසිදු ප්‍රතිපත්තියක් හෝ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කර නොමැති බව ද පැවසීය.
එබැවින් රජය මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 31ක් පවත්වාගෙන යනු ලබන අතර විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකියන් මේ මධ්‍යස්ථාන තුළ නිරෝධායනය කරනු ලැබේ. එසේම දැනට හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සම්පූර්ණ ධාරිතාව 5000 – 6000ක් පමණ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
දිනමිණ
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…