දේශීය

වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව දෙන්න – බැසිල් රාජපක්ෂ මහතා

2021 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී වැඩි පිරිසකට ප්‍රතිලාභය ලබාදෙන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව ලබාදෙන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාමීය මට්ටමින් ලැබෙන අදහස්, යෝජනා සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙස දැනුම් දුන් රාජපක්ෂ මහතා රටේ සෑම ප්‍රදේශයකම ජනතා අදහස් ලබා ගැනීම වෙනුවෙන් සියලු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු එළඹෙන 21 හා 22 දිනයන්හි රැස් කර වන ලෙසත් දැනුම් දුන්නේය. මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ ඒ මහතා මේ අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මුල්තැනක් ලබාදීම වෙනුවෙන් පළාත් පාලන ආයතනවලට විශාල වගකීමක් තිබෙන බවත් ඒ අනුව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ඉදිරි වසර තුළ ළඟා කර ගැනීමේ හැකියාව තිබෙන බවත් පෙන්වා දුන්නේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පිහිටි උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවති 2021 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනේ උතුරු මැද පළාත් කමිටු සාකච්ඡාවට එක් වෙමිනි. ලබන වසරේදී ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම නඟා සිටුවීමේ දැවැන්ත පෙරළිය සඳහා “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” වැඩසටහන සමඟ උපරිම කැපවීමෙන් එක්වන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී උතුරු මැද පළාත් දේශපාලන නායකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.

dinamina

Recent Posts

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

7 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

1 day ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago