2021 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී වැඩි පිරිසකට ප්‍රතිලාභය ලබාදෙන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව ලබාදෙන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාමීය මට්ටමින් ලැබෙන අදහස්, යෝජනා සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙස දැනුම් දුන් රාජපක්ෂ මහතා රටේ සෑම ප්‍රදේශයකම ජනතා අදහස් ලබා ගැනීම වෙනුවෙන් සියලු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු එළඹෙන 21 හා 22 දිනයන්හි රැස් කර වන ලෙසත් දැනුම් දුන්නේය. මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ ඒ මහතා මේ අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මුල්තැනක් ලබාදීම වෙනුවෙන් පළාත් පාලන ආයතනවලට විශාල වගකීමක් තිබෙන බවත් ඒ අනුව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ඉදිරි වසර තුළ ළඟා කර ගැනීමේ හැකියාව තිබෙන බවත් පෙන්වා දුන්නේය.
බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පිහිටි උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවති 2021 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනේ උතුරු මැද පළාත් කමිටු සාකච්ඡාවට එක් වෙමිනි. ලබන වසරේදී ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම නඟා සිටුවීමේ දැවැන්ත පෙරළිය සඳහා “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” වැඩසටහන සමඟ උපරිම කැපවීමෙන් එක්වන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී උතුරු මැද පළාත් දේශපාලන නායකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.
dinamina
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…