දේශීය

මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක්

විදේශයන්හි සිට දිවයිනට ගෙන්වන ශ්‍රමිකයින්ගේ නිවෙස් නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් සිදුකිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පැවසීය.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කරනු ලබන බව යුද්ධ හමුදාපතිවරයා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද කීය.

“දැනට විදෙස් රටවලින් පිරිස් ලංකාවට ආවට පස්සේ, රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක හෝ හෝටලයක එසේ නොමැති නම් පෞද්ගලික ස්ථානයක නිරෝධයනය වන ක්‍රමවේදයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්  දින 14ක් නිරෝධායනය වුණාට පස්සේ පීසීආර් පරීක්ෂණයක් කරලා, කොවිඩ් ආසාදිතයෙක්‌ ලෙස හඳුනාගත හොත් ඔහු රෝහලකට ප්‍රතිකාර සඳහාත් අසාදිතයෙක් නොවේ නම්  ඔවුන් නිවෙස් බලා පිටත්කර යැවීමටත් කටයුතු කරනවා.

ඉන් පසුව ඔවුන් තම නිවෙස්වලත් තව දින 14ක් නිරෝධායනය කරන ක්‍රමවේදයක් දැනට අද දක්වා ලංකාව තුළ පැවතුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් මෙය ලිහිල් කරලා නිර්දේශ ඉදිරිපත් කරයි. අපි මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ මෙසේ ලංකාවට රැගෙන එන ශ්‍රී ලාංකිකයින් දින 14ක නිරෝධායනය කිරීමෙන් අනතුරුව කරන ලබන පීසීආර් පරීක්ෂණයෙන් නෙගටිව් නම් ඔවුන් තව දින 14ක් නිවෙස්වල නිරෝධායනය නොකර සම්පූර්ණයෙන් නිදහස් කරන්න අපි සාකච්ඡා කරා. එය බොහෝ දුරට අද දිනයේ දී නිකුත් වීමට නියමිත නිවේදනයත් සමග ඒ තත්ත්වය පහව යයි. ඒ අනුව ජනතාවට පහසුවක් ඇති වෙයි. “ යැයි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 

දිලංක ගුණතිලක

Recent Posts

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

8 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

1 day ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago