දේශීය

මෛත්‍රීපාලට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න – කතෝලික විභාවනයෙන් පොලීසියට පැමිණිල්ලක්

පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ඇමැති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ප්‍රමාදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කතෝලික විභාවනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා හිටපු ආරක්ෂක ලේකම්වරයාට, හිටපු පොලිස්පතිවරයාට මෙන්ම හිටපු ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද එරෙහිව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන ලෙස කතෝලික විභාවනය සභාපති චිරන්ත ආර් ඇන්තනී අමරසිංහ මහතා වෙරළබඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත.

හිටපු පොලිස්පතිවරයා විසින් යම් වරදක් සිදුකළේ නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා පොලිස්පතිවරයා ඉවත් කිරීමට හෝ ව්‍යවස්ථාදායක සභාව හරහා විනය පියවර ගැනීමට තිබූ නමුත් එසේ නොකර ජාතික ආරක්ෂක කවුන්සලය දෙකඩ කරවාගෙන, එය විකෘති කරවාගෙන කටයුතු කිරීමෙන් හිටපු ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා හිතාමතා මෙරට ජනතාව අනතුරේ දමා තිබෙන බවද කතෝලික විභාවනය සභාපතිවරයා පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ හා ඊට අදාළ පාර්ශ්වයන් සම්බන්ධීකරණය කිරීමේ මූලික ස්ථානය වන ජාතික ආරක්ෂක කවුන්සලය විකෘති කර මෙරට ජනතාවගේ ජීවිත නොසැලකිලිමත් ලෙස අනතුරට හෙළීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සෘජුවම සම්බන්ධ බවට ද හෙතෙම චෝදනා කරයි.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

16 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

16 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago