පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ඇමැති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ප්‍රමාදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කතෝලික විභාවනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා හිටපු ආරක්ෂක ලේකම්වරයාට, හිටපු පොලිස්පතිවරයාට මෙන්ම හිටපු ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද එරෙහිව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන ලෙස කතෝලික විභාවනය සභාපති චිරන්ත ආර් ඇන්තනී අමරසිංහ මහතා වෙරළබඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත.
හිටපු පොලිස්පතිවරයා විසින් යම් වරදක් සිදුකළේ නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා පොලිස්පතිවරයා ඉවත් කිරීමට හෝ ව්‍යවස්ථාදායක සභාව හරහා විනය පියවර ගැනීමට තිබූ නමුත් එසේ නොකර ජාතික ආරක්ෂක කවුන්සලය දෙකඩ කරවාගෙන, එය විකෘති කරවාගෙන කටයුතු කිරීමෙන් හිටපු ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා හිතාමතා මෙරට ජනතාව අනතුරේ දමා තිබෙන බවද කතෝලික විභාවනය සභාපතිවරයා පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ හා ඊට අදාළ පාර්ශ්වයන් සම්බන්ධීකරණය කිරීමේ මූලික ස්ථානය වන ජාතික ආරක්ෂක කවුන්සලය විකෘති කර මෙරට ජනතාවගේ ජීවිත නොසැලකිලිමත් ලෙස අනතුරට හෙළීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සෘජුවම සම්බන්ධ බවට ද හෙතෙම චෝදනා කරයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…