Monday, April 20, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ අද කාලගුණයේ සිදුවන වෙනස මෙන්න.

ශ්‍රී ලංකාවේ අද කාලගුණයේ සිදුවන වෙනස මෙන්න.

මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවම පවතින අතර මන්නාරමට කිලෝමීටර් 145ක් බටහිර දෙසින් ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එය තවදුරටත් දුර්වල වී අඩුපීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

මේ අතර, උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

උතුරු, වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 පමණ තද වැසි බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති ඇතිවේ.

ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

gagana news

READ:   ජීවත්වීමේ අර්බුදය නිසා ජනතා විරෝධතා ඇතිවුවහොත් ලේ වැගිරීම් ද ඇති විය හැකියි - මහ බැංකු අධිපති
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්