දේශීය

ශ්‍රී ලංකාවේ උපන් අංජලී මොනෑෂ් නගර සභාව ජයගනී

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති අංජලී ද සිල්වා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පැවැති පළාත් පාලන මැතිවරණයේදී මොනෑෂ් නගර සභාවට මන්ත්‍රීවරියක ලෙස තේරී පත්ව ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ පළාත් පාලන ආයතනයකට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ අංජලීය.

අංජලී මොනෑෂ් නගර සභාවට තේරී පත්ව ඇත්තේ හරිත පක්ෂයෙනි. ඒ අනුව ඉදිරි සිව් වසරක කාලයේදී ඇය මොනෑෂ් වෙත සේවය කිරීමට නියමිතය. එහිදී ඇගේ කාර්යභාරයේ කොටසක් ලෙස මොනෑෂ් නගර සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කමිටුවේ සහ බහු සංස්කෘතික උපදේශන කමිටුවේ සාමාජිකාවක ලෙස ඇය කටයුතු කරනු ඇත.

සිය බාල සොයුරිය වන සරනි සහ මාපියන් සමග අංජලී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ සිව් හැවිරිදි වියේදීය. අංජලී මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පළමු පන්තියේ ගෞරව උපාධිධාරිනියකි. ඇයගේ විෂය වී ඇත්තේ ජනමාධ්‍ය හා සන්නිවේදනයයි. පෞද්ගලික ආයතන කිහිපයක නීතිඥවරියකද ලෙස සේවය කර ඇති ඇය සුප්‍රසිද්ධ බාක්ලේස් සහ ලන්ඩනයේ ‘ස්කොට්ලන්ත රාජකීය බැංකුව’ වෙනුවෙන්ද සේවය ලබා දී ඇත. ඇයගේ වෘත්තීය ජීවිතය පුරාවට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් (විශේෂයෙන්ම ගැහැනු ළමුන්) වෙනුවෙන් සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කොට තිබේ.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

11 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

11 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago