දේශීය

ශ්‍රී ලංකාවේ උපන් අංජලී මොනෑෂ් නගර සභාව ජයගනී

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති අංජලී ද සිල්වා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පැවැති පළාත් පාලන මැතිවරණයේදී මොනෑෂ් නගර සභාවට මන්ත්‍රීවරියක ලෙස තේරී පත්ව ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ පළාත් පාලන ආයතනයකට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ අංජලීය.

අංජලී මොනෑෂ් නගර සභාවට තේරී පත්ව ඇත්තේ හරිත පක්ෂයෙනි. ඒ අනුව ඉදිරි සිව් වසරක කාලයේදී ඇය මොනෑෂ් වෙත සේවය කිරීමට නියමිතය. එහිදී ඇගේ කාර්යභාරයේ කොටසක් ලෙස මොනෑෂ් නගර සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කමිටුවේ සහ බහු සංස්කෘතික උපදේශන කමිටුවේ සාමාජිකාවක ලෙස ඇය කටයුතු කරනු ඇත.

සිය බාල සොයුරිය වන සරනි සහ මාපියන් සමග අංජලී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ සිව් හැවිරිදි වියේදීය. අංජලී මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පළමු පන්තියේ ගෞරව උපාධිධාරිනියකි. ඇයගේ විෂය වී ඇත්තේ ජනමාධ්‍ය හා සන්නිවේදනයයි. පෞද්ගලික ආයතන කිහිපයක නීතිඥවරියකද ලෙස සේවය කර ඇති ඇය සුප්‍රසිද්ධ බාක්ලේස් සහ ලන්ඩනයේ ‘ස්කොට්ලන්ත රාජකීය බැංකුව’ වෙනුවෙන්ද සේවය ලබා දී ඇත. ඇයගේ වෘත්තීය ජීවිතය පුරාවට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් (විශේෂයෙන්ම ගැහැනු ළමුන්) වෙනුවෙන් සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කොට තිබේ.

Recent Posts

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

13 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

2 days ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

5 days ago