දේශීය

Who is Dr.Ranga Kalansooriya.

රංග කියන්නේ හෘදයාංගම සුන්දර මිත්‍රයෙක්. මොන තානාන්තර දැරූවත්, මොන ඇකඩමියානු පසුබිමක් දැරූවත් පුරුදු මිත්‍රත්වය දශමයක් අඩු නොකළ මිත්‍රයෙක්. ඔහුට බොහෝ දෙනාට වැළඳෙන “ඊගෝ” වෛරසය කවදත් වැළඳුනේ නෑ. ලංකාවේ මාධ්‍ය ගෝලය හැසිරෙන ආකාරය ගැන ඔහුට බරපතල විවේචනයක් තිබුණ බවත්, එය වඩා ග්‍රාහක හිතකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භයක් තුලට රැගෙන ඒමට විශාල උනන්දුවක් තිබුණ බවත් මිතුරන් ලෙස අප හොඳින් දන්නා කාරණයක්. විශේෂයෙන් ලංකාවේ මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් වෙනුවෙන් ඔහු කළ වැඩකොටස තීරණාත්මකයි. ඔහු දැරූ තනතුරු ඇතුලෙත්, ඉන් පරිබාහිරවත් ඔහු වැඩකළ විදිය සාධනීයයි.

ඉතින් මේ සටහන තබන්නේ ඔහුගේ එම උත්සාහය ඇගයීමට ලක්වීම ගැන අපගේ සහෝදරාත්මක සතුට පළකරන්න.

කැනඩාව සහ එක්සත් රාජධානිය ප්‍රථම වරට පිරිනැමූ මාධ්‍ය නිදහස සඳහා වන සම්මානයේ අවසන් නිර්දේශිත පුද්ගල හා සංවිධාන පහ අතරට අප මිත්‍ර ආචාර්ය රංග කලන්සූරිය ගේ නමද එක්වී තිබුණා.

ලොවපුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, පුද්ගලයන් සහ සංවිධාන ඇගැයීම සඳහා යි මෙම සම්මනය පිරිනැමුණේ.

මෙම සම්මානය සඳහා ලොව පුරා නාමයෝජනා 60කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වූ තිබූ අතර එහි හොඳම පස්දෙනා අතරට බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (බෙලරූස්), සෙන්ට්‍රෝ ඩී ඉන්වෙස්ටිෂන් වයි කැපසිටේෂන් ප්‍රොපෙස්ටා සිවිකා (මෙක්සිකෝව), මාධ්‍ය හා සංස්කෘතික නිදහස සඳහා ස්කීස් මධ්‍යස්ථානය (ලෙබනනය) , සහ මේරි අජිත් ගොච් (දකුණු සුඩානය) යන පුද්ගලයින් හා සංවිධාන අතරටයි ශ්‍රී ලංකාව වෙනුවෙන් රංග ගේ නම තේරී තිබුණේ.

ප්‍රථම වරට පිරිනැමූ මෙම සම්මානයේ මේ වසරේ ජයග්‍රහකයා වූණේ බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි.

ජනමාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය හා ජනමාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව, ජනමාධ්‍ය පුහුණුව ගැන ආචාර්ය රංග කලංසූරිය කළ යම් වැඩකොටසක් මෙලෙස ඇගැයීමට ලක්වීම සතුට දනවන්නක්.

රංග, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එළඹෙන දුෂ්කර සමයක වුව වැඩ කරන්නට අවශ්‍ය වෙර වීරිය ඔබට නොඅඩුව ඇතිබව විශ්වාස කරමින් මේ සුන්දර මිතුරාට දිගාසිරි පතනවා.

© කපිල එම්. ගමගේ

https://www.facebook.com/592424225/posts/10157830947044226/

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 hour ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

2 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

3 hours ago