දේශීය

Who is Dr.Ranga Kalansooriya.

රංග කියන්නේ හෘදයාංගම සුන්දර මිත්‍රයෙක්. මොන තානාන්තර දැරූවත්, මොන ඇකඩමියානු පසුබිමක් දැරූවත් පුරුදු මිත්‍රත්වය දශමයක් අඩු නොකළ මිත්‍රයෙක්. ඔහුට බොහෝ දෙනාට වැළඳෙන “ඊගෝ” වෛරසය කවදත් වැළඳුනේ නෑ. ලංකාවේ මාධ්‍ය ගෝලය හැසිරෙන ආකාරය ගැන ඔහුට බරපතල විවේචනයක් තිබුණ බවත්, එය වඩා ග්‍රාහක හිතකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භයක් තුලට රැගෙන ඒමට විශාල උනන්දුවක් තිබුණ බවත් මිතුරන් ලෙස අප හොඳින් දන්නා කාරණයක්. විශේෂයෙන් ලංකාවේ මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් වෙනුවෙන් ඔහු කළ වැඩකොටස තීරණාත්මකයි. ඔහු දැරූ තනතුරු ඇතුලෙත්, ඉන් පරිබාහිරවත් ඔහු වැඩකළ විදිය සාධනීයයි.

ඉතින් මේ සටහන තබන්නේ ඔහුගේ එම උත්සාහය ඇගයීමට ලක්වීම ගැන අපගේ සහෝදරාත්මක සතුට පළකරන්න.

කැනඩාව සහ එක්සත් රාජධානිය ප්‍රථම වරට පිරිනැමූ මාධ්‍ය නිදහස සඳහා වන සම්මානයේ අවසන් නිර්දේශිත පුද්ගල හා සංවිධාන පහ අතරට අප මිත්‍ර ආචාර්ය රංග කලන්සූරිය ගේ නමද එක්වී තිබුණා.

ලොවපුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, පුද්ගලයන් සහ සංවිධාන ඇගැයීම සඳහා යි මෙම සම්මනය පිරිනැමුණේ.

මෙම සම්මානය සඳහා ලොව පුරා නාමයෝජනා 60කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වූ තිබූ අතර එහි හොඳම පස්දෙනා අතරට බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (බෙලරූස්), සෙන්ට්‍රෝ ඩී ඉන්වෙස්ටිෂන් වයි කැපසිටේෂන් ප්‍රොපෙස්ටා සිවිකා (මෙක්සිකෝව), මාධ්‍ය හා සංස්කෘතික නිදහස සඳහා ස්කීස් මධ්‍යස්ථානය (ලෙබනනය) , සහ මේරි අජිත් ගොච් (දකුණු සුඩානය) යන පුද්ගලයින් හා සංවිධාන අතරටයි ශ්‍රී ලංකාව වෙනුවෙන් රංග ගේ නම තේරී තිබුණේ.

ප්‍රථම වරට පිරිනැමූ මෙම සම්මානයේ මේ වසරේ ජයග්‍රහකයා වූණේ බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි.

ජනමාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය හා ජනමාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව, ජනමාධ්‍ය පුහුණුව ගැන ආචාර්ය රංග කලංසූරිය කළ යම් වැඩකොටසක් මෙලෙස ඇගැයීමට ලක්වීම සතුට දනවන්නක්.

රංග, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එළඹෙන දුෂ්කර සමයක වුව වැඩ කරන්නට අවශ්‍ය වෙර වීරිය ඔබට නොඅඩුව ඇතිබව විශ්වාස කරමින් මේ සුන්දර මිතුරාට දිගාසිරි පතනවා.

© කපිල එම්. ගමගේ

https://www.facebook.com/592424225/posts/10157830947044226/

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

15 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

15 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago