සිංහරාජ සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා වෙයිමෛත්‍රීපාල සිරිසේන පාලන සමයේ සිංහරාජයට අලුතින් වනාන්තර එක්කොට පලකරන ලද අංක 2150/31 සහ 20 නොවැම්බර් 2019 දරන ගැසට්ටුව නිදහස් කොට ඇති අතර ඒ අනුව සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා වැඩිවනු ඇත.
සිංහරාජ වනාන්තරය වටා තිබෙන පරිවාර වනාන්තර ඒකාබද්ධ කිරීමට තීරණය කර දැන් මේ සියලු වනාන්තර පද්ධතියම සිංහරාජය ලෙස සැලකෙනවා. සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටි යෝජිත රක්ෂිත වනාන්තර 13 ක් එම රක්ෂිතයට සම්බන්ධ කර වනාන්තර හෙක්ටයාර 30000 ක් දක්වා ජාතික උරුම වන රක්ෂිතයේ භූමි ප්‍රමාණය වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනයකට අත්සන් තබා ඇත. ඒ අනුව දෙල්ලව, තවලම, මොරපිටිය-රූනකන්ඳ, වරතැල්ගොඩ මූකලාන, නෙළුකැටිය මූකලාන, දෙල්මැල්ල-යටගම්පිටිය, අයගම, කරවිට, දෙල්වල, කුඩුමිරිය, මස්ඉඹුල, මගුරුගඟ යන යෝජිත රක්ෂිත සිංහරාජ ජාතික උරුම වන භූමියට පැවරීමට කටයුතු කර ඇත.මෙය ඉටු කරගැනීමට ඇපකැප වූ සියලුම සංරක්ෂණවේදීන්, පරිසරවේදීන්, පරිසර සංවිධාන, ක්ෂේත්‍ර ප්‍රවීණයන්, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, අනෙකුත් අංශ සියල්ලටම ස්තූතිවන්ත විය යුතුය.
අවුරුදු ගණනාවක උත්සහයක ප්‍රතිපලයක් මෙලෙස සාර්ථක වීම තුලින් අනාගතයේදි මේ විශාල වූ සිංහරාජය තවදුරටත් රැකගැනීමට අවශ්‍ය කටයුතු සිදු විය යුතුය. මෙය මෙරට පරිසරවේදීන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වන්නෙ වනාන්තර විනාශ වලින් පිරුණු අවිනිශ්චිත අවුරුද්දක් තුල මෙය ලැබූ නිසාය. හෙක්ටයාර 11,000 සිට හෙක්ටයාර 36475ක් දක්වා සිංහරාජය පුළුල් වූ වගයි.
ගැසට්ටුවට මෙතනින් http://www.documents.gov.lk/files/egz/2019/1සෙතිල් මුහන්දිරම්
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…