Categories: දේශීය

ආයුධ කෞතුකාගාරයක් පිහිටුවීමට අවධානය

පුරාතන, නූතන සහ නවීන අවි ආයුධ ගබඩා කොට ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව උදා කරලීම සඳහා අවි ආයුධ කෞතුකාගාරයක් ඉඳිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කෙරෙන භාරයක් යටතේ මේ අවි ආයුධ කෞතුකාගාරය පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.  පුරාවිද්‍යා කැණීම් මගින් සොයා ගන්නා ආයුධ සංරක්ෂණයට විධිමත් වැඩපිළිවෙළක් නොමැතිකම හේතුවෙන් අතීතයේ සිට ශ්‍රී ලාංකිකයන් භාවිත කරන ලද ඉපැරැණි අවි ආයුධ අභාවයට ගොස් ඇති බව එම යෝජනාවේ සඳහන්ව තිබේ.

පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමුවූ ශිලා ආයුධ ඇතුළු පුරාතන අවි ආයුධ, පාරම්පරිකව පැවැත එන දැනට අභාවයට යමින් තිබෙන අවි ආයුධ සහ නවීන ආයුධ මේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම තුළින් අනාගත පරම්පරාවට ඒවා දැක ගැනීමේ අවස්ථාව සැලසිය හැකි බවත් එමඟින් පෙන්වාදී තිබේ.

එසේම විදේශ රාජ්‍ය නායකයන්, හමුදා ප්‍රධානීන් සහ විදෙස් දූත පිරිස් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම්වලදී සමරු තිළිණ ලෙස පිරිනමන අවි ආයුධ ආරක්ෂාකාරී ලෙස තැන්පත් කිරීමට සුදුසු ස්ථානයක් ලෙසද මේ අවි ආයුධ කෞතුකාගාරය යොදා ගත හැකි බවත් එහි දැක්වේ.

ජනතාව සතුව ඇති පෞරාණික අවි ආයුධ මේ කෞතුකාගාරයට ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවද මේ යෝජනාව මගින් ඉදිරිපත් කර ඇත.

dinamina

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago