දේශීය

අද හෙට බස්නාහිරින් එලියට බැස්සොත් මොකද වෙන්නේ – අජිත් රෝහන පැහැදිලි කරයි

බස්නාහිර පළාත තුළට පැමිණීමට පිට පළාතක සිට අවසර ඇති නමුත් යළි ලබන ඉරිදා තෙක් බස්නාහිරෙන් පිටවීමට අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

එසේ බස්නාහිර පළාත තුළට පැමිණෙයි නම් ලබන ඉරිදා තෙක් එම පුද්ගලයින් බස්නාහිර පළාත තුළ රැදී සිටීමේ වැඩපිළිවෙලක් ද කල් තියා සූදානම්කර ගෙන පැමිණීම අවශ්‍යවේ. මේවන විටත් බස්නාහිර පළාත තුළ පදිංචි අයෙක් වෙනත් පළාතක සිටියි නම් ඔවුන්ටද පළාතට ඇතුළුවීමේ හැකියාව පවතී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද(12) උදෑසන කියා සිටියේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් අතර සාමාන්‍ය පරිදි ඒ ඇතුලත ජනතාවට සංචරණය කළ හැකි බවය. නමුත් පළාත් සීමා උල්ලංඝණය කළ නොහැකි වේ.  වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය ඊයේ සිට පියවර ගනු ලැබූ අතර ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මකය. යම් අයකු මෙම කාලය තුළ බස්නාහිර පළාතෙන් පිට පළාතකට ගොස් පනවා ඇති නීති උල්ලංඝනය කළහොත් එම පාර්ශවයන් අදාළ ස්ථානයේම දින 14ක් නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර ඉන් අනතුරුව නීතිමය පියවර ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

24 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago