දේශීය

බස්නාහිර අද ඇරේ

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බස්නාහිර පළාතට සති දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු නිරෝධායන ඇඳිරි නීතිය අද (09දා) උදෑසන 05.00 සිට ඉවත් කෙරෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.  බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවීමට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඔක්තෝබර් මස 04 වැනිදා ඇඳිරි නීතිය පැනවුණු අතර එම ප්‍රදේශවලට මාසයකුත් දින හතරක කාලයක් ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවැතුණි.

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන නමුත්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් හී කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මීට පෙර හුදකළා කළ ප්‍රදේශ සහ සංචරණ සීමා පැනවූ ස්ථාන තවදුරටත් එළෙසම පවත්වාගෙන යන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එමෙන්ම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් මහල් නිවාස සංකීර්ණ කිහිපයක් වයිරසය පැතිරීමේ අධිඅවධානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බැවින් එම මහල් නිවාස ඇතුලු ස්ථානවල වෙසෙන ජනතාවට දැඩි සැලකිල්ලෙන් යුතුව සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපඳින ලෙසත් සංචරණ සීමාවන් නිසිලෙස අනුගමනය කරමින් තම නිවාස ඒකකයටම වී සිටින ලෙසත් එම ජනතාවගෙන් යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේය.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, මාළිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල, කෙසෙල්වත්ත සහ වෙරළබඩ යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකළාබවින් මුදානොහරින බවද යුද හමුදාපතිවරයා කීය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, රාගම, පෑලියගොඩ, කඩවත, මීගමුව, පමුණුගම, ජාඇල සහ සපුගස්කන්ද යන පොලිස් බලප්‍රදේශද තවදුරටත් හුදකළාකොට තබන බවද හෙතෙම කීවේය.

තවද කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය පොලිස් බලප්‍රදේශයන් සහ බටහිර වෑකඩ ග්‍රාම නිලධාරි වසම යන බස්නාහිර පළාතට අයත් ප්‍රදේශ මෙලෙස තවදුරටත් හුදකළා කර තැබීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුරුණෑගල මහනගර සභා සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමත් තවදුරටත් හුදකළා කර තැබීමට පියවරගෙන ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානිවරයා කීය.

එමෙන්ම තවදුරටත් හුදකළා කර තැබෙන සෙසු ප්‍රදේශ අතරට කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් මාවනැල්ල සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශද නම් කර ඇතැයිද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

මීට අමතරව බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුල දැඩි සංචරණ සීමා පනවා වෙන්කොට තබා ඇති ස්ථාන ලෙස මට්ටක්කුලිය ‘මෙත්සඳ සෙවන’ සහ ‘මිණිජය සෙවන’ මහල් නිවාස සංකීර්ණ, මෝදර ‘රන්මුතු සෙවන නිවාස සංකීර්ණය, ග්‍රෑන්ඩ්පාස් ‘මුවදොර උයන’ නිවාස සංකීර්ණය, දෙමටගොඩ ‘සිරිසර උයන’ සහ මාළිගාවත්ත ‘එන්.එච්.එස්’ නිවාස සංකීර්ණයද නම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානිවරයා වැඩිදුරටත් පැවැසීය.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

8 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

8 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

8 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

9 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

10 hours ago