දේශීය

ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයින්ට දැඩි පියවර

රටේ පවතින තත්ත්වය හමුවේ නිරෝධායන නියෝගයන්ට පටහැනිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන්කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. නිරෝධායන ආඥා පනත යටතේ කටයුතු කරමින් එවැනි අයට විරුද්ධව වසර 05 දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමට හැකියාවක් ඇති බව ඔහු පෙන්වා දෙයි.

 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ ස්ථාන වල ජනතාවගේ තොරතුරු සටහන් කිරීමට ඇති ලේඛනවල කිසියම් පුද්ගලයෙක් අසත්‍ය තොරතුරු සටහන් කරන්නේ නම් එය කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ද යටත්වේ. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ පුද්ගලයන් 140 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Recent Posts

කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටම ඉහළට.-මේ වනතුරු ගංවතුර අවදානමක් නැහැ.

කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…

3 hours ago

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

20 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

2 days ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

4 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago