නංගි මැරුණෙ කොරෝන හැදිල නෙවෙයි මුහුණු පතේ තිබ්බ සංවේදී සටහනක්

මගේ එකම නංගිගෙ මළගමට යන්න බැරි හැටි.නංගි..! රෑ පුරාම මහන්සිවුණා.PHI එපා කිව්ව.අදිරි නීති, බල ,පත්තර………කොළඹ ඉඳල මං එනකංබලන් ඉන්න එපා නංගි හැන්දෑවට ඔයා ගිහින්මටත් ඉඩක් තියාගන්න.අයියා කීර්ති රත්නායක (වේදිකා නාට්‍ය ශිල්පී)

නංගි මැරුණෙ කොරෝන හැදිල නෙවෙයි.අසනීපෙන් හිටිය ගොඩක් කල්.. PHI කියල තිබුණ ඉක්මනින්ම වලදාන්න..කොළඹ ඉඳල අපි ආවොත් නිරෝදානෙ කරනව කිව්වලු. රෑ තිස්සෙම මහන්සි වුණා..කොහොම උනත් දවල් වෙලා. එහෙට මෙහෙට කතා කරල . බලපත්තරයක් අරගෙන.මං විතරක් ගමට ගියා සල්ලිත් තිබුණෙත් නෑ සත්තයි.කොරෝනාව ආපු හින්ද වැඩ තිබුණෙත් නෑ ඇත්තයි.ගෙදර හදන වැඩ හින්දා හැම සතයම හිඳිල තිබුණෙ.අවුරුදු විසිපහක් විතර. කලාව කෙරුවට අම්මප.හදිස්සියට ගන්න කියල කීයක්වත් නොතිබුණු හැටි.. පර්ස් එකේ අස්සෙ තිබුණ රුපියල් දාහක් අරගෙන .බිරිඳ කිව්ව ගිහින් එන්න.. ළඟම යාලුවගෙනුත් අරං. වාහනේට තෙල් ගහගෙන .හයිවේ එකටත් ගෙවලා අමාරුවෙන්.. මං ආවා..ඒත් ඉතිං මං යනකොට. භූමදානෙ ඉවරවෙලා.. ..!පැය කීපයකින් බලපත්තරෙ ඉවරවෙනව. ආපහු මට එන්න වෙන්නෙ .හත් දවසේ දානෙ නැතිව.. අම්මපල්ල හිතුණේ මට කොරෝන හැදිලා මැරෙන්න.කොරෝන වලටත් වැඩියෙන් .භයානකම ලෙඩක් තියනො. TV එක.. ගමේ ඈයො හිතං ඉන්නෙ මුලු කොළඹම ලෙඩ්ඩු කියල. කොළඹින් එන රෝග බයට .තේ උගුරක් බිව්වේ නැතිව මුන වහන් ගමේ ඈයො ඉක්මනිම ඇවිත් ගියා. පෙට්ටිය කරගහන්නවත් කවුරුවත්ම හිටියෙ නෑලු…මුනු පොතේ ගොඩක් ඈයො. කනගාටුයි කියල තිබුණ.පින්සිදුවෙයි.ඒහැමටම. ..(මම ආපහු කොළඹ එනව.ඒත් කීසැරයක් නම් අපට නොමැරී මැරෙන්න වේවිද..කලාව හින්ද අපට සම්මාන නම් හම්බවෙලා තියනව. ..සඳුද කොළඹ ඇරියම වාහනේ ලීස් එක ..නිවාස ලෝන් වාරික ගෙවන්න කියල අවසාන නිවේදනය ලැබෙන බව නම් දන්නව )

Recent Posts

කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටම ඉහළට.-මේ වනතුරු ගංවතුර අවදානමක් නැහැ.

කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…

3 hours ago

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

20 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

2 days ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

4 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago