කිලිනොච්චියේ ඉදිවන කොවිඩ් රෝහල

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුමට අදාලව දිවයින පුරා සිදුකරනු ලබන මෙහෙයුම් වල ප්‍රගතිය පිළිබඳ පරික්‍ෂා කිරීමේ අරමුණ පෙරදැරිව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (31) මධ්‍යහනේ කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම්හී ඉදිකරමින් පවතින කොවිඩ් රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එම පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙනුවෙන් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස දී කඳවුරු මුරයේ ගෞරවාචරය (Drive past) එතුමන් වෙත පුදකරනු ලැබීය. 

ඉන් අනතුරුව, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් පියල් නානායක්කාරවසම්, සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන දේශණ ශාලාවේදී සාකච්ඡාවක් පැවැත්විණි. ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ කිලිනොච්චි, ක්‍රිෂ්ණාපුරම් රෝහල් පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ඉදිකරනු ලබන මෙම රෝහල කොවිඩ් – 19 රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේ අරමුණින් ඉදිකරනු ලබයි. පසුව, කිලිනොච්චි පිහිටි නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනෝච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසු නිලයින් අමතනු ලැබීය. 

කොවිඩ් – 19 වෛරසය පිළිබඳ අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව දිවයිනේ වැඩිම නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණයක් ස්ථාපිත කර පවත්වාගෙන යෑමේ අභිමානය යුද්ධ හමුදාව සතුවන බවයි. එහිදී, අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “දැඩි විනයගරුක සාමාජිකයින් ලෙස ආරක්‍ෂක හමුදාවන්හි සාමාජිකයින් වන අප අතර මෙම වසංගතය සම්ප්‍රේෂණය වීමට එරෙහිව සියලු වැළැක්වීමේ පියවර ගැනීම අපගේ වගකීමකි. සියලු පූර්වාරක්‍ෂාවන් සමඟ මෙම තත්වය කළමනාකරණය කිරීමට යුද්ධ හමුදාවට හැකි වූයේ එබැවිනි. ඔබ සියලුදෙනාම වෛරසය පිළිබඳව සැලකිල්ලෙන් සිටීම සහ දැනටමත් ඔබ වෙත නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරනු ඇතැයි මා අපේක්‍ෂා කරමි.” යනුවෙන් පැවසීය. මෙම සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ද සහභාගී වූහ.

Recent Posts

කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටම ඉහළට.-මේ වනතුරු ගංවතුර අවදානමක් නැහැ.

කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…

3 hours ago

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

20 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

2 days ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

4 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago