කිලිනොච්චියේ ඉදිවන කොවිඩ් රෝහල

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුමට අදාලව දිවයින පුරා සිදුකරනු ලබන මෙහෙයුම් වල ප්‍රගතිය පිළිබඳ පරික්‍ෂා කිරීමේ අරමුණ පෙරදැරිව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (31) මධ්‍යහනේ කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම්හී ඉදිකරමින් පවතින කොවිඩ් රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එම පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙනුවෙන් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස දී කඳවුරු මුරයේ ගෞරවාචරය (Drive past) එතුමන් වෙත පුදකරනු ලැබීය. 

ඉන් අනතුරුව, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් පියල් නානායක්කාරවසම්, සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන දේශණ ශාලාවේදී සාකච්ඡාවක් පැවැත්විණි. ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ කිලිනොච්චි, ක්‍රිෂ්ණාපුරම් රෝහල් පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ඉදිකරනු ලබන මෙම රෝහල කොවිඩ් – 19 රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේ අරමුණින් ඉදිකරනු ලබයි. පසුව, කිලිනොච්චි පිහිටි නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනෝච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසු නිලයින් අමතනු ලැබීය. 

කොවිඩ් – 19 වෛරසය පිළිබඳ අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව දිවයිනේ වැඩිම නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණයක් ස්ථාපිත කර පවත්වාගෙන යෑමේ අභිමානය යුද්ධ හමුදාව සතුවන බවයි. එහිදී, අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “දැඩි විනයගරුක සාමාජිකයින් ලෙස ආරක්‍ෂක හමුදාවන්හි සාමාජිකයින් වන අප අතර මෙම වසංගතය සම්ප්‍රේෂණය වීමට එරෙහිව සියලු වැළැක්වීමේ පියවර ගැනීම අපගේ වගකීමකි. සියලු පූර්වාරක්‍ෂාවන් සමඟ මෙම තත්වය කළමනාකරණය කිරීමට යුද්ධ හමුදාවට හැකි වූයේ එබැවිනි. ඔබ සියලුදෙනාම වෛරසය පිළිබඳව සැලකිල්ලෙන් සිටීම සහ දැනටමත් ඔබ වෙත නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරනු ඇතැයි මා අපේක්‍ෂා කරමි.” යනුවෙන් පැවසීය. මෙම සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ද සහභාගී වූහ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago