Friday, April 17, 2026
Homeදේශීයනාකොටික් නිලධාරීන් පාතාලයට ගිනි අවිත් සපයලා - CID විමර්ශන හෙළි කරයි

නාකොටික් නිලධාරීන් පාතාලයට ගිනි අවිත් සපයලා – CID විමර්ශන හෙළි කරයි

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් හෙරොයින් ජාවාරමට අමතරව පාතාල සමාජිකයන්ට ගිනි අවි සැපයීමත් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කළ විමර්ශනවල දී අනාවරණය වන බවට නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (12) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා වෙත දැනුම් දුන්නේය.  සිද්ධියට අදාළ නඩුව ඊයේ (12) නැවත කැඳ වූ අතර, සැකකරුවන් කෝවිඩ් උවදුරු හේතුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් නොකළ අතර, වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ ඉකුත් අප්‍රේල් මස 4 වැනි දින මාතර සිට මිනුවන්ගොඩට ප්‍රවාහනය කළ හෙරොයින් කිලෝ 130ක් ප්‍රවාහනය කිරීමේ දී මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හෙරොයින් කිලෝ 11ක් සමඟ පිස්තෝල දෙකක් හා ටී 56 ගිනි අවි දෙකක් ද ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන පොඩි ලසීගේ ගෝලයකු වන මංජු සන්තකයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත් රිවෝල්වරය යුද හමුදාවට අයත් ගිනි අවියක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ගිහාන් සාරාංග නැමැති අය සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 12ක් හා ටී 56 ගිනි අවියක් ද සොයා ගෙන තිබෙනවා. මේ වන විට තවත් පිස්තෝලයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන තිබෙනවා. මෙලෙස අනාවරණය වූ තොරතුරු අනුව මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හෙරොයින් ජාවාරමට අමතරව පාතාල සමාජිකයන්ට ගිනි අවි සැපයිමේ ජාවාරමත් කරගෙන ගොස් තිබෙනවා යැයි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන සිද්ධියට අදාළව විමර්ශන පැවැත්වීමේදී බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගිනි අවි පහෙන් එක් රිවෝල්වරයක් යුද හමුදාවට නිකුත් කළ එකක් බවට කරුණු අනාවරණය වූ බව දිලීප පිරීස් මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයකු වන සමන් වසන්ත නැමැත්තා සන්තකයේ තිබි ලක්ෂ 11ක් හා ගිනි අවි පහක් ද අත්අඩංගුවට ගත් බව පැවසීය.

READ:   අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලයක්

මාතර සිටි මිනුවන්ගොඩට ප්‍රවාහනය කළ හෙරෙයින් කිලෝ 130 සම්බන්ධ විමර්ශන 90% අවසන් බව දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර්වරයා මන්නාරමේ දී නාවික හමුදාව අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 243 සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන පවත්වන බව පැවසීය.

මෙහිදි සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තා පටලැවිලි සහගත බවත්, රැඳවුම් නියෝග මත සිටින සැකකරුගේ ප්‍රකාශ අනුව විමර්ශන ක්‍රියාත්මක වූවද සෙසු සැකකරුවන් 13දෙනා ඊට සම්බන්ධ නැති බවත්ය.

ඊට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා පැවසුවේ මෙම විමර්ශනය සංකිර්ණ බවත් මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට තිබූ මෙම ආයතනය සුක්ෂමව මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවයි.

එදා මෙදා තුර මෙම ගිනි අවි කිනම් අපරාධ සඳහා යොදා ගෙන ඇද්ද ? කවර අපරාධ සඳහා යොදා ගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය වෙත දැනුම් දුන්නේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අජිත් පතිරණ මහතා ලිඛිත දේශන ගොනු කර තිබූ අතර, ඊට අදාළව පැමිණිල්ල ලිඛිත දේශන අධිකරණය වෙත ගොනු කළේය.

අදාළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා මත්ද්‍රව්‍ය කාර්යංශයේ සැකකරුවන් 14 දෙනා මේ මස 26 වැනි දින දක්වා රක්ෂිතබන්ධනාගාර ගතකරමින් එදිනට වාචික සැල කිරීම සම්බන්ධ නියෝගය ලබා දෙන බව පැවසීය.

සිරන්ජනි කුමාරි Dinamia

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්