දේශීය

කුඩු ජාවාරම් කළ වෙලේ සුදාගේ මස්සිනා අල්ලයි…

බැංකු ගිණුමේ ලක්‍ෂ 20 ක්… ත‍්‍රිරෝද රියැදුරකු ලෙස සිටිමින් සුවිශාල නිවසක් ඉදිකරලා.

 ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා රඳවා සිටින බන්ධනාගාරය වෙත ගොස් ඔහුට පහසුකම් සපයමින් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වූ ඔහුගේ මස්සිනා බව කියන කනත්තෙ චූටී නමැත්තා ඉමදුව පොලිසිය මගින් පෙරේදා රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඉමදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී කනත්තේ චූටි නමැති ජාවාරම්කරු කොටුවී ඇත්තේ රුපියල් පනස් දහසක් පමණ වටිනා හෙරොයින් ළඟ තබාගෙන සිටියදී.

මෙම සැකකරුගේ බැංකු ගිණුම් දෙකක පසුගිය මාස කීපය තුළ රුපියල් ලක්‍ෂ 20 කට අධික මුදලක් සංසරණය වී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.
 
සැකකරු ති‍්‍රරෝද රථ රියැදුරකු ලෙස රැුකියාව කරන බව කියමින් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතවී ඇති අතර ඉමදුව ප‍්‍රදේශයේ සුවිසල් නිවසක්ද ඉදිකරන බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
 

 කනත්තේ චූටි නමැති මෙම හෙරොයින් ජාවාරම්කරු වෙලේ සුදාගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය සමඟ විවාහ වී සිට පසුව එම විවාහයෙන් වෙන්වී ඇති බව පොලිසිය පවසයි.
 

 එහෙත් මොහු වෙලේ සුදා සමඟ දීර්ඝ කාලයක සිට තවමත් සමීප සබඳතා පවත්වා ඇති අතර , ඉකුත් ජුලි 11 වැනිදා ද මොහු බූස්ස බන්ධනාගාරය වෙත ගොස් වෙලේ සුදාට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලූ පහසුකම් ලබාදී තිබූ බව හෙළිවී ඇත.
 
 මෙම සැකකරු පිළිබඳ පොලිසිය සොයන්නට පටන්ගෙන ඇත්තේ ඔහු අසීමිත ලෙස මුදල් පරිහරණය කිරීම සහ සුවිසල් නිවසක් ඉදිකරන බවට ලැබුණු තොරතුරු මතයි.
 
 සැකකරු ඊයේ ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගෙන් දින 07 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පොලිසියට අවසර ලබා දුන්නා.
 
 සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා හා දුරකථන වාර්තා අධිකරණ නියෝගයක් මගින් ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවද පොලිසිය පවසයි.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago