Friday, April 10, 2026
Homeදේශීයචොකා මල්ලි පාර්ලිමේන්තුව යන්න අවසර ඉල්ලා අධිකරණයට පෙත්සමක් ගොනු කරයි

චොකා මල්ලි පාර්ලිමේන්තුව යන්න අවසර ඉල්ලා අධිකරණයට පෙත්සමක් ගොනු කරයි

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු තහනම්  නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන නියෝගය ලබන සදුදා (07) වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නා.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ඔහු විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

2015 ජනාධිපතිවරණය සමයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ප්‍රේමලාල් ජයසේකර හට රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබුවා.

කෙසේවෙතත් මෙම දඩුවමට එරෙහිව අභියාචන පෙත්සමක් ගොනු කර ඇති බැවින් ඔහු සාමාන්‍ය රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුද්ගලයකු බවට පත් වන බව පෙත්සම්කරු පවසා සිටින අතර ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි .

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් මහතා සහ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැදවන ලදී.

READ:   දීපාවලි තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සමානත්වය පිළිඹිබු කරන බව ජනපති කියයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්