හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා වරක් මෙසේ පවසන ලදි. “මම පොඩි කාලේ මගේ අම්මා අපි වෙනුවෙන් කෑම පිසුවා. එක් දිනයක ඇය බොහෝ වෙහෙස මහන්සි වී දිවාකල වැඩ කිරීමෙන් පසු රාත්‍රී ආහාරය පිළියෙළ කළා. අම්මා ‘සබ්සි’ නම් ව්‍යාංජනය සහ අධික ලෙස පුළුස්සා දැමූ රොටියක් මගේ තාත්තා ඉදිරිපිට තැබුවා. පිළිස්සුණු රොටිය කිසිවෙකු දුටුවා දැයි මම බලා සිටියෙමි. නමුත් තාත්තා ඔහුගේ රොටිය කිසිදු නුරුස්නා බවින් තොරව කමින් මගෙන් ඇහුවා මගේ පාසලේ දවස ගතවුනේ කොහොමද කියලා. එදින රාත්‍රියේ මා ඔහුට පැවසූ දේ මට මතක නැත, නමුත් මට මතකයි අම්මා පුළුස්සා දැමූ රොටී වෙනුවෙන් තාත්තාගෙන් සමාව ඉල්ලුවා.
ඔහු අම්මාට පැවසූ දේ මට කිසිදා අමතක නොවනු ඇත: “පැටියෝ, මම පිළිස්සුණු රොටී වලට කැමතියි.”
එදින රාත්‍රියේ නින්දට පෙර මම තාත්තාව සිප ගැනීමට ගියෙමි, සුභ රාත්‍රියක් පැතූ මම ඔහුගෙන් ඇසුවේ ඔහු රොටී පුළුස්සා කෑමට කැමතිදැයි කියායි. ඔහු මාව දෑතින් වැළඳ මෙසේ පැවසීය:
“ඔබේ අම්මා අද දින ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, ඇයට ඇත්තටම මහන්සියි. පිළිස්සුණු රොටී කිසි විටෙකත් කිසිවෙකුට රිදවන්නේ නැත, නමුත් රළු වදන් එසේ කරනවා! “
“ඔබ දන්නවද පුතා,ජීවිතයේ සර්ව සම්පූර්ණ දේවල් සහ සර්ව සම්පූර්ණ මිනිසුන් නැත “
මම හොඳම කෙනා නොවන අතර ජීවිතය පරිපූර්ණ නොවන බව පිළිගැනීමට මම ඉගෙන ගෙන ඇති අතර ඔබට සමීපතම හා ආදරණීය පුද්ගලයින්ද එසේ නොවේ.
“මම වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත් දෙය නම්: එකිනෙකාගේ වැරදි පිළිගැනීම සහ සබඳතාවයන් අඟය කිරීමට තෝරා ගැනීම අඟනේය යන්නයි”
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…